මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "​සයුරු පුර" නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරේ

    නොවැම්බර් 18, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් අද (18) මොරටුව අඟුලාන "​සයුරු පුර" විසල් නිවාස ව්‍යාපෘතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
     
    මෙම එක් නිවසක වටිනාකම රුපියල් මිලියන 08ක් පමණ වේ. වර්ග අඩි 450කින් සමන්විත මෙම නිවසක නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, සදළුතලයක් හා සනීපාරක්ෂක පහසුකම්වලින් යුක්ත වේ.
     
    මෙම මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට සමගාමීව හරිත උද්‍යාන සහිත ළමා උද්‍යාන සහිත ළමා උද්‍යාන, ක්‍රීඩාංගණ, විධිමත් මාර්ග පද්ධතිය පුළුල් කිරීම, ප්‍රජා ශාලා වැනි අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ද වැඩිදියුණු කොට ඇත.
     
    පැල්පතින් මන්දිරයට මහින්ද චින්තන සංකල්පය යටතේ කොළඹ පැල්පත්වාසීන් එයින් මුදවාලීමේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සංකල්පයක් අනුම මෙම 
    නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
     
    අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ජීවන් කුමාරණතුංග, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් විමලසිරි මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    SAURUPURA 1
     
     
    SAURUPURA 2
     
    SAURUPURA 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya