මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලි ඇතුන් ලියාපදිංචි කිරීමට බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට නීතියක් නෑ

    නොවැම්බර් 18, 2014

    නීතිවිරෝධීව රඳවා තබා ගෙන සිටින අලි ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක බලපත්‍ර ගාස්තුවක් අයකිරීම සම්බන්ධයෙන් දැනට නීතියක් නොමැති බවත් නීතිවිරෝධී ලෙස වනාන්තරවලින් අල්ලා ගන්නා ලද අලි ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා සහන කාලයක් ලබා දී නැති බවත් වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (18) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    අලි පොත නැතිවීම, අලි ලියාපදිංචිය ගැනත්, ලියාපදිංචි නැති අලි ගැනත්, අලි නොමැතිව ලියාපදිංචිය ගැනත් විමසා බැලීමට කමිටුවක් පත් කළා. එහි වාර්තාව මේ වන විට ලැබී ඇති බවත් එම වාර්තාව අමාත්‍යාංශ ලේකම් වෙත භාරදෙන බවත් ඔහු සඳහන් කළේය.

    මෙවැනි අකටයුතුකම් ඉදිරියට නොවන පරිදි නිසි පියවර ගෙන තිබෙනවා. මේ ගැන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මා එන්නට පෙර කළ දේ විමර්ශනය කර නීතිවිරෝධී අලි ඉන්න තැන්වලින් අල්ලා ඊට එරෙහි ව නඩු පැවරූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya