මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අධිෂ්ඨානය" කෘතිය ජනපතිට පිළිගන්වයි

    නොවැම්බර් 18, 2014

    හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විසින් සම්පාදනය කරන ලද "අධිෂ්ඨානය" කෘතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීමේ උත්සවය ඊයේ (17) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේදී පැවැත්විණි.


    එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරාජය කිරීමේදී නාවික හමුදාවේ භූමිකාව අළලා මෙම කෘතිය සම්පාදනය කර ඇත.

    මානුෂීය මෙහෙයුම කි‍්‍රයාත්මක වන අවධියේදී මාධ්‍ය මඟින් මෙම මෙහෙයුම පිළිබඳ ව බොහෝ දේ ජනතාවට දැන ගැනීමට අවස්ථාව ලබා දුන්නේ ය. එහෙත් එම අභියෝගයට නාවික හමුදාව මුහුණ දුන්නේ කෙසේද යන්න පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම සහ මතු පරම්පරාවට, විශේෂයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, අභියෝගයන්ට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ ව යම්කිසි දැනුමක් ලබාදීමේ අරමුණින් මෙම කෘතිය සම්පාදනය කර ඇත.

    අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මාහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරු ද ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු හා වසන්ත කරන්නාගොඩ මහතාගේ පවුලේ අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya