මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නැණසල 100ක්

    නොවැම්බර් 18, 2014
    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පදවිප්‍රාප්තිය වෙනුවෙන් අද (18) සහ හෙට (19) හෙට දින නැණසල ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථාන සියයක් විවෘත කෙරේ.
     
    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ “නැණසල දහස ව්‍යාපෘතිය” යටතේ මෙම මධ්‍යස්ථාන පිහිටුවෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
     
    දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි නැණසල මධ්‍යස්ථාන 100 පිහිටුවා ඇතැයි නැණසල වැඩසටහන් ප්‍රධානී අතුල පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කරයි.
     
    විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් අනුව දින දෙකක දී නැණසල මධ්‍යස්ථාන සියයක් එකම දිනක දී පිහිටුවීම සිදු කෙරේ.
     
    ඒ අනුව වසර අවසානයට පෙර නැණසල දහස ඉලක්කය සම්පුර්ණ කිරීමට ICTA ආයතනය බලාපොරොත්තු වෙයි.
     
    මේ අනුව 900 වැනි නැණසල මධ්‍යස්ථානය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද 18දා විවෘත කෙරේ.
     
    මේ වසරේ ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානයට හිමි ‘බිල් ගේට්ස් සම්මානය’ හිමි වුයේ ද ශ්‍රී ලංකාවේ නැණසල ව්‍යාපෘතියටය.
     
    DB/ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya