මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරි ගොවීන් සහ ජනපති අතර හමුවක් 20දා

    නොවැම්බර් 18, 2014
    මෙවර අය - වැය මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ රජය විසින් කිරිගොවීන් ශක්තිමත් කිරීම වෙනුවෙන් ගනූ ලැබූ තීරණ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කිරීම වෙනුවෙන් 20දා පස්වරු 3.00ට කිරි ගොවීන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.
     
    මේ සඳහා මුළු දිවයින ම නියෝජනය වන පරිදි කිරි ගොවි ක්ෂේත්‍රයේ නියුතු ගොවීන් 5000ක් පමණ සහභාගී වීමට නියමිත බව පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ලෙස්ලි තිසේරා මහතා පවසයි.
     
    මේ වන විට දේශීය පාරිභෝජන අවශ්‍යතාවයෙන් සියයට 40ක් දක්වා කිරි නිෂ්පානය වැඩි වී ඇති බව පෙන්වා දුන් ලේකම්වරයා තවදුරටත් පැවසුවේ, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ  කිරි ගොවිපොළවල් මෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දියර කිරි නිෂ්පාදනයත් අනෙකුත් කිරි ආශ්‍රිත නිෂ්පාදනයනුත් මේ වන විට වැඩි කර ඇති බවයි.  
     
    සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ගොවිපොළවල්, කිරි එක් රැස් කරන මධ්‍යස්ථාන හා උපකරණ වැඩි දියුණු කිරීමටත් සත්ත්ව ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහාත් ක්‍රියාත්මක කර ඇති විශේෂ ණය යෝජනා ක්‍රමයේ පොළී අනුපාතිකය 6% දක්වා අඩු කිරීමටත්, ආනයනය කරනු ලබන කිරිපිටි, බටර්, යෝගට් සහ අනෙකුත් කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඉහළ සෙස් බදු පවත්වා ගනිමින් මෙම කර්මාන්තය ස්වයං පෝෂිත ඉලක්කයන් කරා ගෙන ඒමට මෙවර අයවැය මගින් කටයුතු කරනු ලැබීය. දියර කිරි ලීටරයක සහතික මිල රුපියල් 60 දක්වා වැඩි කිරීමටත්, දේශීය කිරිපිටි පරිභෝජනය ජනප්‍රිය කරලීම සඳහාත් එම කිරිපිටි මිල කිලෝවකට රුපියල් 100කින් ද යෝගට් රුපියල් 03කින් ද අඩු කිරීමට මෙවර අයවැය මගින් ක්‍රියා කර ඇති බව එහිදී පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දුන්නේය. 
     
    එමෙන් ම ගුණාත්මක භාවයෙන් යුතු සත්ත්ව ආහාර වැඩිදියුණු කරමින් උසස් ප්‍රමිතියෙන් යුතු ගව මඩු සහ කුඩා කිරි ගොවිපොළවල් පළාත් මට්ටමෙන් දියුණු කිරීම සඳහා පළාත් සභාවලට වෙනු කරනු ලබන ප්‍රතිපාදන වැඩි කිරීමට ද මෙවර අය - වැය මගින් යෝජනා කෙරිණ.
     
    මහබෙරිතැන්න, තල්පොකුණ, කැකුණඳුර, කරඳගොල්ල, සිප්පිකුලම, වව්නියා, වන්නිගම, කොටදෙනියාව, කුදුගොඩ, උප්පුවේලි හා වීරවිල ඇති පශු සම්පත් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන වැඩිදියුණු කර ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් හා කිරි ගොවීන්ට අවශ්‍ය දැනුම පුළුල් කිරීම සඳහා ද මෙවර අය වැය මගින් ගනු ලැබූ ක්‍රියා මාර්ග කිරි ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන ඇති විශේෂ ක්‍රියාමාර්ග වන බව ලෙස්ලි තිසේරා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB/ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya