මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් 10 නව කාසි කාණ්ඩය ජනපතිට පිළිගන්වයි

    නොවැම්බර් 17, 2014
    ශ්‍රී ලංකාවේ එක් එක් පරිපාලන දිස්ත්‍රික්කවලට අනන්‍ය වූ ලක්ෂණ මෙන් ම ඒ ඒ දිස්ත්‍රික්කයන්ට විශේෂිත වූ ස්ථාන සහ කරුණු පිළිබිඹු කරමින් රුපියල් 10 වටිනාකම සහිත කාසි 25කින් යුත් නව කාසි කාණ්ඩයේ ප්‍රථම කාසි එකතුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද (17) පෙරවරුවේ මහ බැංකු ශ්‍රවණාගාරයේ දී සිදු විය.
     
    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් එය ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.
     
    මෙම ප්‍රථම කාසි නිකුතුවෙන් පසු වාණිජ බැංකු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පළාත් කාර්යාල හරහා මෙම කාසි සංසරණයට නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් කටයුතු සලසා ඇත.
     
    කාසි එකතුකරන්නන‍් සඳහා කාසි 25ක් සහිත ඇසුරුම, තනි කාසියක් සහිත ඇසුරුම් සහ විඩා නිවුම් පුස්තකයක් පිළියෙළ කර ඇති අතර, ඒවා කොළඹ 01, චැතෑම් වීදිය, අංක 54 දරණ ස්ථානයේ පිහිටි ආර්ථික ඉතිහාසය කෞතුකාගාරයෙන් සහ අනුරාධපුර, මාතර, මාතලේ, ත්‍රිකුණාමලය සහ යාපනය නගරවල පිහිටා ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ පළාත් කාර්යාලවලින් මිලදී ගැනීමට පහසුකම් සපයා ඇත.
     
    ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    HE NEW COIN 1
     
     
    HE NEW COIN 3
     
    HE NEW COIN 2
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya