අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්නයි වෙලන්කන්නි ගම්මානයේ ධීවර ජනතාවට ධීවර තොටුපොළක්

    ඔක්තෝබර් 31, 2014

    කිලිනොච්චියේ, නාච්චිකුඩාහි අන්නයි වෙලන්කන්නි ගම්මානයේ වෙසෙන ධීවර ජනතාව සඳහා 2015 සංවර්ධන කටයුතු යටතේ ධීවර තොටුපොළක් ලබාදීමට කටයුතු කරන බවත් දැනටමත් එහි කටයුතු ආරම්භ කර ඇති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (31) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මේ ගම්මානයේ ධීවර පවුල් 147ක් අතුරින් පුද්ගලයන් 200ක් පමණ ධීවර කර්මාන්තයේ යෙදේ. මෙහි ධීවර යාත්‍රා 34ක් හා යාන්ත්‍රික නොවන යාත්‍රා 05ක් ධීවර කටයුතු සඳහා භාවිත කෙරේ. ධීවර තොටුපොළක් නැති නිසා ඔවුන් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙන නිසා ඉතා ඉක්මනින් ධීවර තොටුපොළක් ඉදිකර දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya