අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධිය අරඹන විට 22.5%ක් වූ දරිද්‍රතාව අද 6.5%කට අඩුවෙලා

    ඔක්තෝබර් 21, 2014

    දිවයින පුරා වෙසෙන අඩු ආදායම්ලාභීන් සඳහා වර්තමානයේ ක්‍රියාත්මක වන වැඩසටහන් අතරින් ප්‍රමූඛතම සංවර්ධන හා සුබසාධන වැඩසටහන සමෘද්ධි වැඩසටහන බවත් සමෘද්ධිය ආරම්භ කරන විට ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව වූ 22.5%ක අගය අද වන විට සියයට 6.5කට ආසන්න අගයකට අඩුවීම තුළින් එය පැහැදිලි වන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලද පිළිතුරක සඳහන් වේ.

     

    රවී කරුණානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට දිනේෂ් ගුණවර්ධන මහතා සභාගත කළ පිළිතුරට අනුව අද වන විට දිවයිනේ සමෘද්ධි ප්‍රතිලාභීහු 1,483,272ක් සිටිති.

     

    2011 දෙසැම්බර් වනවිට සමෘද්ධි ප්‍රතිලාභීන් 1,540,019 දෙනෙක් ද 2012 දෙසැම්බර් වනවිට සමෘද්ධි ප්‍රතිලාභීන් 1,516,543 දෙනෙක් ද සිටියහ.

     

    දිළිඳු ජනතාව ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ දී මුහුණ දෙන දුෂ්කර අවස්ථාවන් හිදී ඔවුන්ට පිළිසරණක් වෙමින් හා ඔවුන්ගේ පවුල් ඒකක මුහුණ දෙන ආර්ථික කඩා වැටීම්වල දී ඔවුන්ට පිළිසරණක් වෙමින් ආර්ථික සංවර්ධනය සඳහා ඔවුන්ගේ දායකත්වය නොකඩවා ලබාදිය හැකි තත්ත්වයෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වයන් පවත්වා ගැනීමට සුවිශේෂී දායකත්වයක් සමෘද්ධි ව්‍යාපාරය මඟින් ලබා දී ඇත.

     

    සමෘද්ධි සහනාධාර වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් ප්‍රතිලාභීන් ඉතිරිකිරීමට හා ඒ තුළින් ඉදිරි ආයෝජනයට පෙළඹවීමේ අරමුණින් සමෘද්ධි මුද්දරය වෙනුවට ඔවුන්ට හිමි මුදල් සමෘද්ධි බැංකුවල ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කිරීමේ ක්‍රමයක් 2012 අප්‍රේල් මස සිට හඳුන්වා දී ඇතැයි ද එම පිළිතුරෙහි සඳහන් වේ.


    HC/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya