මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික හෙළ උරුමය ජනපති සමඟ සාකච්ඡාවක්

    ඔක්තෝබර් 21, 2014
    ජාතික හෙළ උරුමය හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (21) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
     
    ජාතික හෙළ උරුමය විසින් සකස් කරන ලද යෝජනාවලිය මෙහිදී ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර එම යෝජනාවලියේ අඩංගු කරුණු පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කමිටුවක් මගින් අධ්‍යයනය කොට සාකච්ඡා කිරීමට ද අවධානය යොමු විය.
     
    ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජාතික හෙළ උරුමය අතර සාකච්ඡා ඉදිරියේ දී ද පැවැත්වෙනු ඇත.
     
    අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන යන මහත්වරුන් ද ජාතික හෙළ උරුමය වෙනුවෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත සහ අතුරලියේ රතන හිමිවරු, අමාත්‍ය පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල, නිශාන්ත වර්ණසිංහ, ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහත්වරු ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya