මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ජනාවාස දින ජාතික සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 06, 2014
    අද (06)ට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමඟාමීව පැවැත්වෙන ලෝක ජනාවාස දින ජාතික සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 
     
    ශ්‍රී ලාංකික නිවාස සංවර්ධන ක්‍රියාවලියේ දීර්ඝ කාලීන අවශ්‍යතාවක් ලෙසින් පැවති ජාතික නිවාස ප්‍රතිපත්තිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරේ.
     
    එමෙන් ම මෙවර ජනාවාස දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ විවිධ සංවර්ධන කාර්යයන් හා එහි අනාගත ක්‍රියාපිළිවෙත පෙන්නුම් කෙරෙන ජනාවාස දින කොළඹ ප්‍රකාශනය එළිදැක්වීම ද, ජනාවාස දින සමරු කලාපය ප්‍රකාශයට පත්කිරීම ද මෙහිදී සිදු කෙරේ. 
     
    මෙවර ජාතික සමුළුවේදී පසුගිය සැප්තැම්බර් 27 හා 28 දිනයන්හි කොළඹ නව නගර ශාලාවේ පැවති ජනාවාස දින නාට්‍ය උ‍ළෙලේ ජයග්‍රාහී නාට්‍ය සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම, සැප්තැම්බර් 28 දින රාජගිරිය බණ්ඩාරනායක ක්‍රීඩාංගණයේ පැවති ජනාවාස දින ක්‍රිකට් තරගයේ ජයග්‍රාහකයන්ට (කාන්තා / පිරිමි) තිළිණ හා සහතිකපත් ප්‍රදානය, කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කයන්හි නිවාස හිමිකම්ලාභීන් 500 දෙනෙකු වෙනුවෙන් හිමිකම් ඔප්පු ප්‍රදානයත් සිදු කිරීමට නියමිතය. 
     
    එදින ම කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු ශිල්පීන් 200 දෙනෙකු සඳහා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම හා ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රජා කොන්ත්‍රාත්කරුවන් 100 දෙනෙකු ලියාපදිංචිකොට ඔවුන්ට NVQ සහතික පිරිනැමීම, කොළඹ නගරයේ රාජ්‍ය හා පෞද්ගලික යන දෙ අංශයේ ම මහල් නිවාස ආශ්‍රිත ව පිහිටුවා ඇති කළමනාකරණ සංස්ථාවලින් හොඳ ම කළමනාකරණ සංස්ථා තරගකාරී පදනමකින් තෝරා එම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය හා 2014 ලෝක ජනාවාස දිනය තේමාකොට ගනිමින් දීප ව්‍යාප්ත ව පාසල් සිසුන් අතරේ පැවැත්වූ චිත්‍ර තරගයේ ජයග්‍රාහී නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය ඇරඹීම හා මෙම චිත්‍ර හා රචනා තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමත් සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya