අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන තෑගි ඔප්පු අවලංගු කිරීමේ පනත් කෙටුම්පත විවාදයට

    මාර්තු 23, 2017

    අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේ විවාදයට සඳහා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින්  ඉදිරිපත් කළේ ය.

    පනත් කෙටුම්පත  අපේ රටේ දේපළ නීතිය සම්බන්ධයෙන් වැදගත් පනත් කෙටුම්පතක්. කිසියම් පුද්ගලයකුට අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීමේ හැකියාව ලැබෙනවා. තෑගි ඔප්පුව ලිවීමෙන් පසුව සිදු වූ අකෘතඥතාවයක් විය යුතුයි. එසේම අකෘතඥතාවය බලවත් විය යුතුයි. තෑගි ඔප්පුව ලියා වසර 10ක් ඇතුළත සහ නඩු නිමිත්ත වසර දෙක ඉක්මවීමට පේ අධිකරණයට ඉදිරිපත් විය යුතු බවද අමාත්‍යවරයා පැවසී ය.

     

    අධිකරණ අමාත්‍යවරයා විසින් සාපරාධි කාරණාවලදී අනෝන්‍ය සහයෝගය ලබාදීම පනත යටතේ නියමය ද පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කළේ ය. සාපරාධී ක්‍රියාවලදී ඒ අනුව  රටවල් අතර  අවශ්‍ය අනෝන්‍යය සහයෝගය ලබාගැනීම සඳහා මෙම නියමය ක්‍රියාත්මක වන තර ඒ අනුව යුක්ක්‍රේනය සමඟ පවතින ගිවිසුම තවත් වසර දෙකකට දීර්ග කරගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසී ය.

    මීට අමතර අපරාධ නඩු විධාන සංගහය (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. පනත සංශෝධන කර රටේ ජනතාවට යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය බවත් විවෘතව සාකච්ඡා කිරීමට අවධානය යොමු කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා නියමය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya