මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය මැඬලිමට රජය විසින් සියලු සම්පත් යොදවා තිබෙනවා

    මාර්තු 23, 2017

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පැතිර යන ඩෙංගු රෝගය මැඬලිමට සඳහා රජය විසින් සියලු සම්පත් යොදවමින් අවශ්‍ය පියවර ගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (23) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 23(2)  යටතේ  රටේ පවතින ඩෙංගු රෝගය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් එය වැළැක්වීමට රජය ගත් පියවර සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

    සියලු අංශ යොමු කරමින්, ත්‍රිවිධ හමුදාව, ස්වෙච්ඡා සංවිධාන අවශ්‍ය කටයුතු කරමින් කැපවී කටයුතු කරනවා. මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    මෙහිදී අඳහස් දැක්වූ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ, මෙය සංචාරක කර්මාන්තයට ද බලපාන බවයි.

    අවශ්‍ය සහන හා ප්‍රතිපාදන ලබාදෙනවා. ත්‍රිකුණාමලය හා කින්නියාව ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදාවේ 8000ක් පමණ ක්‍රියාත්මක වී සිටිනවා. ස්වෙච්ඡා සංවිධාන කටයුතු  කරනවා. වෛද්‍යවරු තම ජීවිත අවධානමේ තබාගනිමින් සිදු කරන කැපවීම අගය කළ යුතු බව නගර සැලසුම් හා ජලසම්පාදන  අමාත්‍ය රාවුෆ් හකීම් මහතා සඳහන් කළේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya