අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටු රැස්වීමට අඛණ්ඩව ඒකාබද්ධ විපක්ෂය සහභාගී වෙනවා - පළ වූ පුවත සාවද්‍යයයි

    මාර්තු 23, 2017

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටු රැස්වීම ඒකාබද්ධ විපක්ෂය සහභාගී වන බවත් කමිටුවට සහභාගී නොවූ බවට සාවද්‍ය පුවතක් ඉංග්‍රීසි පුවත් පතක පළකර ඇති බවත් ඒකාබද්ධ විපක්ෂය අඛණඩව සහභාගීවන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද  (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    මෙහිදී තවදුරටත් අඳහස් දැක්වූ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා-

    පාර්ලිමේන්තුව කාරක සභා පිළිබඳව කටයුතු කරන ආකාරය පිළිබඳව වාර්තා රටට යෑම පිළිබඳව බරපතල කාරණා මතුව තිබෙනවා. වාර්තා යෑමේ දී බරපතල වැරදි සිදුවන්නේ. අපි කතා කළ යුතුයි. මෙය නිලධාරීන්ගෙන් පිටවන බව දැනී නැහැ. නිලධාරි පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂ කරනවා.අපි එයට සහභාගීවෙනවා.මම පුවත්පතට ගරු කරනවා. මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම සහභාගී වුණා. මේ තොරතුරු වැරදියි. මමත් එහි සාමාජිකයෙක්. පෙරේදා දිනත් මම සහභාගී වුනා. ඒකාබද්ධ විපක්ෂය නිරන්තරයෙන් සහභාගී වෙනවා.එක්තරා ඉංග්‍රිසි පුවත්පතක  ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටු රැස්වීම ඒකාබද්ධ විපක්ෂය විසින් වර්ජනය කර ඇති බවට සාවද්‍ය පුවතක් පළකර තිබෙනවා. අපි සහභාගීවෙනවා. වැරදි තොරතුරු ලබාදෙන අය සොයාගත යුතුයි. මේ තොරතුරු ලබාදෙනවා.එය සොයාබැලිය යුතුයි. වැදගත් කමිටු සියල්ලටපැමිණි සියලු අයගේ නම් පාර්ලිමේන්තුවේ දී දැනුවත් කරන්න.


    සභානායක, අමාත්‍ය  ලක්ෂ්මන්  කිරිඇල්ල මහතා:-

    එකතු වීම ගැන සතුටු වෙනවා. ව්‍යවස්ථාව හදන්න ඉතාම හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. ඒ සඳහා ස්වර්නමය අවස්ථාවක් ලැබී තිබෙනවා.රටේ සියළු ජාතීන් එකට එක්ව කෙටුම්පත් කිරිමට යෝජිත ව්‍යවස්ථා සම්පාදනයට ඉතිහාසයේ ප්‍රථම වතාවට සියලු දෙනා එක්වෙලා. රටේ ප්‍රධාන පක්ෂ දෙක හා එකට එක්ව දෙමළ ජාතික සන්ධානය ඇතුළු අනෙකුත් සුළු පක්ෂ විසින් කෙටුම්පත් කරන ව්‍යවස්ථා සම්පාදනය, රටට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක්. මේ සම්බන්ධයෙන් සිදුකරන මාධ්‍ය වාර්තාකරණය නිවැරදිව සිදුවිය යුතුයි.

    නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා:-

    එය හොඳ යෝජනාවක්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya