අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොරු අල්ලන සංස්කෘතිය ගෙනැල්ලා තිබෙනවා - නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක

    මාර්තු 22, 2017

    යාහපාලන රජය කිව්වේ හොරු අල්ලනවා කියලා. ඒ සංස්කෘතිය ගෙනැල්ලා තිබෙනවා. පුළුවන් තරම් හොරු අල්ලලා ජනතගේ මුදල් ආපසු ලබාදෙන්න කටයුතු කරන්න යැයි  සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

    සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍යවරයා අද (22)පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීම සඳහා වන යෝජනාව විවාදයට එක් වෙමිනි.

    අද ජනතව බලන් ඉන්නවා. අල්ල්ස් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂමට තරඟයට යනවා. ෆයිල් ඉදිරිපත් කරනවා. සක්‍රියව වෙනවා. එහි ප්‍රතිලාභ ලැබෙන්නේ ජනතාවටයි. එයයි විය යුත්තේ.පුළුවන් තරම් හොරු අල්ලලා ජනතගේ මුදල් ආපසු ලබාදෙන්න කටයුතු කරන්න කියලා මේ යන අයගෙන් ඉල්ලා සිටිනවා.

    ජනවාරි 8 ජනතාගේ අභිප්‍රාය අද ඉටු වී තිබෙනවා. හොරුන්ගෙන් මෙවැනි ආයතනවලට චරිත සහතික බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ ආයතනය අකර්මන්‍ය නොකළ යුතුයි. මේ අයතනය ශක්තිමත් කළ යුතුයි. යාහපාලන රජය කිව්වේ හොරු අල්ලනවා කියලා. ඒ සංස්කෘතිය ගෙනැල්ලා තිබෙනවා. හොරකම් කරලා තියෙන්නේ අහිංසක ජනතාවගේ මුදල් යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya