අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අල්ලස, දූෂණයට එරෙහිව ක්‍රියාකරන විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතුයි - නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

    මාර්තු 22, 2017

    අල්ලස දූෂණ චෝදනා විමසා තීරණ ලබාදෙන  අල්ලස, දූෂණයට එරෙහිව ක්‍රියාකරන විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (22)පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීම සඳහා වන යෝජනාව විවාදයට එක් වෙමිනි.


    අල්ලස දූෂණය සොයාබැලීම ගැන වෙනසක් වෙල නෑ කියනවා. ඒ ගැන එකඟ වෙන්න බෑ. 18 වන සංශෝධනයෙන් මේ ආයතනවල ස්වාධීනත්වයට පහරක් වුණා. 19 වන සංශෝධනය  ගැනැල්ලා මේ අයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කරන්න හැකි වුණා.


    වෙනසක් වී තිබෙනවා. හඬක් නැන්ගෙනවා මෙය දේශපාලන න්‍යාය පත්‍රයකට ද කියලා. අපි ඔක්කොම දේශපලඥයන්. මේ රටේ ජනතාව කොහෙන්ද යුක්තිය සාධාරණත්වය බලාපොරොත්තු වෙන්නේ. අපිට වගකීමක් තිබෙනවා අධිකරණය ශක්තිමත් කරන්න.

    ස්වාධීන අධිකරණයක් තිබෙනවානම් ජනතවට විශ්වාසයක් ඇති වෙනවා. අල්ලස් දූෂණ කොමිෂමට නිලධාරි අඩුවක් තිබෙනවා. හැකියාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා.  නීතිඥයින් 15 බඳවාගෙන තිබෙන්නේ පසුගිය වසරේදී යි. ජනතාව හිතනවා මෙය ඉක්මන් කළ යුතුයි කියලා.

    අල්ලස දූෂණ චෝදනා අහලා තීරණ ලබාදෙන, අල්ලස දූෂණයට එරෙහිව ක්‍රියාකරන විශේෂ අධිකරණයක් ඇති කළ යුතුයි. සොරකම් නොකළ අය ඉන්නවා නම් ඒ අයට ඉක්මනින් නිදහස් විය හැකියි. අධිකරණ කටයුතු ප්‍රමාද වීමෙන් අපහසුතාවයට පත්වෙන්නේ මේවා නොකර චෝදනවලට ලක් වූ පුද්ගලයන්. අපරාධ පරීක්ෂණ සිදුවෙමින් යනවා. සාධාරණත්ව ඉටු විය යුතුයි. රජය ඒ සඳහා කැපවී සිටිනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya