අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දූෂණය හා වංචාව මුලිනුපුටා දැමීමට කටයුතු කිරීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණයි

    මාර්තු 22, 2017

    දූෂණය හා වංචාව මුලිනුපුටා දැමීමට කටයුතු කිරීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ බවත් අල්ලස් හා දූෂණ නඩු කඩිනමින් විසඳන යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීම කළ යුතු බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.

    මන්ත්‍රීවරයා අද (22)පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීම සඳහා වන යෝජනාව විවාදයට එක් වෙමිනි.


    රට තුළ යහපාලනය ක්‍රියාත්මක කරනන් ගත් පියවරක්. මේ රජය ගැන විශ්වාස කරලා, බොහෝ අය අල්ලස් කොමිෂමට පැමිණිලි ඉදිරිපත් කළා. උසාවිය තුළ මුදල් තැම්පත් වීම වැඩි වී තිබෙන නිසා, මේ යෝජනාව හරහා අල්ලස් දූෂණ විමර්ශන කොමිෂමට  චකිතයකින් තොරව කටයුතු කරන්න පුළුවන්. 616 අල්ලස් පැමිණිලි ලැබිලා තිබෙනවා නඩු පැවරීම් 490ක්සිදුව තිබෙනවා. අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට 1512ක් වසර 2015 දී පැමිණිලි ලැබිලා තිබෙනවා. ස්වාධීන බඳවාගන්න ක්‍රියාදාමයක් කර තවදුරටත් ස්වාධීන කිරීම කටයුතු කිරීම වැදගත්. දූෂණ පැමිණිලි 2010 වසරේ සිට 5062ක් ලැබී තිබෙනවා.

    අපේ ආණ්ඩුව ප්‍රධාන දෙය තමයි, දූෂණය හා වංචාව මුලිනුපුටා දාන්න කටයුතු කිරීම. අද ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ක්‍රියාත්මක වෙනවා. තොරතුරු දැනගැනීමේ පනත මේ රටේ ස්ථාපිත කර තිබෙනවා.සියලු දෙය විනිවිදව කටයුතු කළ හැකි තත්ත්වයක් උදා කර තිබෙනවා. අල්ලස් හා දූෂණ නඩු කඩිනමින් විසඳන්න තවදුරටත් යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වැදගත් යැයි ද මන්ත්‍රීවරයා පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya