අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නූතන ලෝකයේ සංවර්ධන රටක් බවට පත් කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරනවා

    මාර්තු 21, 2017

    රට හදන අවස්ථාව ගිලිහී යන්න දෙන්න එපා. රටේ ආර්ථිකය හරි මාර්ගය ගෙන යාමට සියලු දෙනා එකතු වන්න. නූතන ලෝකයේ සංවර්ධන රටක් බවට පත් කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරනවා යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට එක් වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

     

    ආර්ථිකය සම්පූර්යේ වැටුණු ආර්ථිකයක් අපට දුන්නේ. අපේ ණය වැඩි කරලා, අනාගතය උකස් කරලා දුන්නේ.ලබාගත් ණය ආයෝජනයක් ලෙස පෙන්වා, ආර්ථිකය රඟපා පෙන්නුවේ. මේ අවට්ටපු ආර්ථිය තමයි පේන්නන්න් තියෙන්නේ. එක් අයකුගේ සාක්කුවට ගිය ආර්ථිකය වෙනස් කරලා, අද ආදයම වැඩි කරන්න හැකි වී තිබෙනවා. ආදායම ලැබුණේ නෑ. මේ ආර්ථිකය තමයි, අපේ ජනාධිපතිතුමට ආගමැතිතුමාට බාර දුන්නේ. එදා පින් එක ගැල වූ පිපිරීමට තිබූ ආර්ථිකය අද නිෂ්ක්‍රීය කර තිබෙන්නේ.

     

    පඬි වැඩි කරලා, ජීවන වියදම අඩු කරලා , ගැස් මිල අඩු කරලා තිබෙන යුගයක මේවා අමතක වෙනවා. භාණ්ඩ 22ක මිල එදාට වැඩිය අඩු වෙලා. මේ ණය බර වැඩි වෙලා ලු. ණය සංචිතය අඩු වෙලාලු. ණය ආයෝජන රටේ ආයෝජන ලෙස පෙන්වන්න එදා කටයුතු කළා. මේ  ණය අපට ගෙවන්න වී තිබෙන්නේ. ලැබිලා තිබූ ආර්ථිකයේ අමාරුව අඩු කරලා හරි මඟට ගන්නවා. හොරු අල්ලනවා. බොරු ප්‍රකාශ කරලා රටට පෙන්වන්න හදනවා ආර්ථිකය කඩා වැටිලා කියලා. අපට සතුටුදායක තත්ත්වයක් තිබෙනවා. ඉදිරි සංවර්ධනයට සල්ලි තිබෙනවා. දණ ගැස්සු ආර්ථිකය නිවැරැදි මාර්ගයට එනකොට ඒ දෙස බලා සිටින්න බෑ. ඒ නිසා බොරු කියනවා. 2015 රටේ සෑම සම්පතක්ම එක සාක්කුවකට දා ගත්තා.

     

    මේවා අමතක ද? නොදන්න ස්වරූපයෙන් කතා කරනවා. අපෙත් කළු බැටළුවෝ ඉන්නවා. නොදන්න දේ පෙන්වා දෙන්න.ආර්ථිකයට නිවැරැදි නායකත්වය ජනාධිපතිතුම අගමැතිතුම දෙන අවස්ථාවක්. අද බය නැතිව කතා කරනවා. ඕන නිදහසක් ලබා දී තිබෙනවා. අපේ රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන වැඩපිළිවෙලක් සිදු  කරන්නේ. අලුත් ශ්‍රී ලංකාවක් ගොඩ නගමු. දේශීය ආයෝජකයන් ආරක්ෂා කිරීම අතිශයින් ම කළ යුතුයි. ජාතික ප්‍රතිපත්ති  ක්‍රියාත්මක කිරීමට ආයෝජකයින් ගෙන්වීමට අවශ්‍යයි.


    අන්තවාදීන්ගේ සැබෑ තත්ත්වය පෙනෙවී. රට හදන අවස්ථාව ගිලිහී යන්න දෙන්න එපා.රට ආර්ථිකය හරි මාර්ගය ගෙන යාමට සියලු දෙනා එකතු වන්න. නූතන ලෝකයේ සංවර්ධන රටක් බවට පත් කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya