අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවෙන් පරිත්‍යාග කළ ජල බවුසර් නිල වශයෙන් භාර දෙයි

    මාර්තු 22, 2017

    වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී අවශ්‍ය පානීය ජලය බෙදාහැරීම සඳහා ඉන්දියානු රජයෙන් පරිත්‍යාග කරන ලද ජල බවුසර් 08 ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (21)  ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


    ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා විසින් එම ජල බවුසර්වලට අදාළ ලියකියවිලි සහ යතුරු සංකේතාත්මකව මෙහිදී ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

    පැවති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 16 ක ජනතාව උග‍්‍ර ජල හිඟයකින් පීඩාවට පත්ව සිටි.

    ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීම වෙනුවෙන් රජය පියවර ගෙන තිබෙන අතර පානීය ජලය සැපයීම වෙනුවෙන් මේ වන විට රුපියල් මිලියන 4.52 ක මුදලක් වෙන් කර තිබේ.

    ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අසල්වාසී මිත‍්‍ර රාජ්‍යයක් ලෙස ඉන්දියාව සිදුකළ මෙම පරිත්‍යාගය පිළිබඳ ආපදා කළමණාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙහිදී ඉන්දීය රජය වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.

    නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ද ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර ජලය පිරිපහදු කර පිරිසිදු පානීය ජලය බවට පත්කරන නවින උපාංගයන්ගෙන් සමන්විත නව ජල පිරිපහදු උපකරණයක් හඳුන්වාදීමේ හමුවක් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    BRJW පුද්ගලික සමාගම විසින් නව පිරිපහදු උපකරණය හඳුන්වාදෙන අතර ඕනෑම තත්ත්වයක අපිරිසිදු ජලය තත්පර කිහිපයක් ඇතුළත පිරිසිදු පානීය ජලය බවට පත්කරගත හැකි වන සේ සකස්කර ඇති එම උපකරණය මහා බි‍්‍රතාන්‍යයෙන් මෙරටට ආනයනය කරන ලද්දකි.

    එම උපකරණය මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    අමාත්‍යවරුන් වන රවී කරුණානායක, රිෂාඩ් බදුර්දීන්, අනුර පි‍්‍රයදර්ශන යාපා, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර යන මහත්වරුන් ද BRJW පුද්ගලික සමාගමේ සභාපති ධරින් වීරසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya