අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය මාධ්‍ය ආයතන දේශපාලණීකරණයෙන් ඉවත් කළා - ජනමාධ්‍ය අමාත්‍ය

    මාර්තු 21, 2017

    සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතන දේශපාලණීකරණයෙන් ඉවත්කොට ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    වත්මන් රජය බලයට පත් වූ පසු ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් ඉතාම විනිවිද ක්‍රමයකට සියල්ල සිදු කරන බවත් විද්වත් කමිටුවක් මඟින් සියල්ල තීරණය කරන බවත්, ඒ සඳහා කිසිම අල්ලසක් ගෙන නැති බවට බිය නැතිව කිව හැකි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    දකුණු ආසියාවේ දීර්ගතම සිංහල ටෙලිනාට්‍ය වන කෝපි කඩේ, වසර 30ක් සැපිරිම වෙනුවෙන් සියලුම ශිල්පීන් ඇගයීමට ලක් කිරීමට බලාපොරොත්තු වන බව පවසා සිටියේ, මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඒ පිළිබඳව විමසූ වාචික පැනයට පිළිතුරු ලබාදෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya