අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංකොළොත් දේශපාලනය අහිංසක විශ්වවිද්‍යාල දරුවෝ අල්ලාගෙන - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    මාර්තු 09, 2017

    බංකොළොත් දේශපාලනය අහිංසක විශ්වවිද්‍යාල දරුවෝ අල්ලාගෙන සිටින බවත් සයිටම් දරුවන් වෙනුවෙන් තීරණයක් ගනිමු යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරය අද (09) පාර්ලිමේන්තුවේ දී  මේ බව ප්‍රකාශ කළේ, සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    රජය බලයට පත් වූ පසු සියලු විශ්වවිද්‍යාල සිසුන්ට  සියලු පහසුකම් ලබාදී තිබෙනවා.වසර 2018 වනවිට සියලු නේවාසිකාගාර පහසුකම් අපි ලබාදෙනවා. ශිෂ්‍ය දීමනා ලබාදී තිබෙනවා. දැන් ශිෂ්‍යයන්ට ප්‍රශ්න නෑ. අතරමං වෙන්න එපා. 71 දී ශිෂ්‍යයන් අතරමං කළා. 89ත් අතරමං කළා. දැන් ප්‍රමාදය ගැන අහනවා.


    නඩු තීන්දුවක් දීලා තිබෙනවා. සයිටම් අධිකරණය පිළිගෙන තිබෙනවා.බංකොළොත් දේශපාලනය අහිංසක විශ්වවිද්‍යාල දරුවෝ අල්ලාගෙන ඉන්නේ.මේ අයගෙන් මිදිලා විශ්වවිද්‍යාල කටයුතුවල යෙදෙන්න කියලා දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. නඩු තීන්දුව පැහැදිළියි. දරුවෝ පාරට දාන්නේ ඇයි.හිටපු ජනාධිපතිතුමා සයිටම් එකට ශිෂ්‍යත්ව 10ක් දුන්නා. ඒක හොඳයි ද?මිලියන 600ක් සල්ලි දුන්නා. දැන් කියනවා නීත්‍යාණුකූල නෑ කියලා.

    මේ අය නවක  වධය කරනවා. සමහර දේශපාලන පක්ෂවල තිබෙන්නේ අවනීතියයි. නවක වධය ගැන වචනයක් කතා කළාද? ජනමතය තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි, එක්සත් ජාතික පක්ෂයටයි. අපිටයි අලුත් දරුවා ආරක්ෂා කරන්න වෙලා තිබෙන්නේ. අපි මේ දරුවන් වෙනුවෙන් තීරණයක් ගනිමු. ඔවුන් කැමැතියි ඕනෑම විභාගයකට පෙනී සිටින්න.

    මෙය අවසන් කරමු දෙගොල්ලන්ට පිළිගත හැකි තැනකට යමු. අධිකරණ තීන්දුව පිළි නොගන්නවා නම් එය පාර්ලිමේන්තුවට කරන අපහාසයක්. දරුවන් පාරට ඇදල දාලා. මම ප්‍රසංශා කරනවා මෙය පසුගිය රජය ආරම්භ කිරීම ගැන යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya