මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැවත වතාවක් අ‍පේ ර‍ටේ තරුණ පරපුර ‍ලේ ගංගාවක ගිල්වන්න ඉඩදිය යුතු නැහැ

    මාර්තු 09, 2017

    නැවත වතාවක් අ‍පේ ර‍ටේ තරුණ පරපුර ‍ලේ ගංගාවක ගිල්වන්න ඉඩදිය යුතු නැහැ.මෙය පුද්ගල ප්‍රශ්නයක් නොවේ, සමාජ ප්‍රශ්නයක් ලෙස පිළිගෙන කටයුතු කරන ලෙසත් දරුවන් වෙනුවෙන් ලේ වන්දියක් ගෙවීමට ඉඩ නොදෙන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසී ය.

    අමාත්‍යවරය අද (09) පාර්ලිමේන්තුවේ දී  මේ බව ප්‍රකාශ කළේ, සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

    ආර්ථික අතින් අ‍පේ රට යම් පහළ මට්ටමක සිටියත් අධ්‍යාපනය හා ‍සෞඛ්‍යය අතින් අ‍නෙක් රටවලට සා‍පේක්ෂව ඉදිරි‍‍යෙන් සිටිනවා. පුද්ගලික විශ්ව විදයාල කර‍ගෙන යාම නිදහස් අධ්‍යප‍නයට තර්ජනයක් බව පවසනවා. නමුත් පසුගිය දශක කිහිප‍යේ දී විවිධ ආයතන විවිධ පාඨමාලා සිදුකර ති‍බෙනවා. නිදහස් අධ්‍යාපනයට ඇති අයිතිය ආරක්ෂා කරගත යුතු වනවා ‍සේම අධ්‍යාපනය ලාභ ඉපයී‍මේ අරමුණින් ක්‍රියාත්මක ‍නොවිය යුතු ‍වෙනවා. රජයක ප්‍රතිපත්තිය විය යුත්තේ එයයි. ‍ලෝකයේ දියුණු අධ්‍යාපනයක් පවත්වා‍ගෙන යන රටවල් ‍දෙස බලන්න. සාර්ථක ආරයතන සියල්ල ලාභ උපයන ආයතන ‍නො‍වෙයි. ඒවා ර‍ටේ ආර්ථිකයට, සමාජයට වගකියන ආයතනයි. රාජ්‍ය අංශ‍යෙන් ‍තොරව අධ්‍යාපන බිහිවන්නේ නම් ඒවා ලාභ ඉපයී‍මේ අරමුණින් ‍තොරව බිහිවිය යුතු ‍වෙනවා.

    ඇතැම් ආයතන ඒ ර‍ටේ ස්වරූපය අනුව ‍පෞද්ගලික අංශයට කර‍ගෙන යන්න බැහැ. ‍වෛද්‍ය පීඨ රාජ්‍ය අංශ‍යෙන් පමණයි වගකී‍මෙන් යුතුව කරන්න පුළුවන්. ‍මේ සම්බන්ධ‍යෙන් විධිමත්භාවයකින් කටයුතු කළයුතු ‍වෙනවා. නැවත වතාවක් අ‍පේ ර‍ටේ තරුණ පරපුර ‍ලේ ගංගාවක ගිල්වන්න ඉඩදිය යුතු නැහැ. ‍මේ ර‍ටේ පවතින තත්ත්වය අනුව වි‍දෙස් ආ‍යෝජකයන් අ‍පේ රට ‍දෙස බලන්නේ නැහැ. උසස් ‍පෙළ වැඩ තුන යන්න තවදුරටත් වලංගු කාරණයක් ‍නො‍වේ. ‍මේ ලකුණු මට්ටම්වල සං‍ශෝධනයක් කරන්න කියා ඉල්ලනවා. ව්‍යුහාත්මක අසාධාරණයක් ර‍ටේ ති‍බෙනවා. 1976 වස‍රේ දී දිස්ත්‍රික් පදනම ‍යෝජනා කළා. ‍මේ පදනම ‍වෙනස් කළයුතු ‍වෙනවා. අඩුම තර‍‍මේ කුසලතා පදනමට සහ දිස්ත්‍රික් පදනමට සියයට 50 බැඟින් දියයුතු ‍වෙනවා. රජයට ‍මේ විශ්ව විද්‍යාල ඇතිකිරී‍මේ හැකියාව ති‍බෙනවා. ‍වෛද්‍යවරු තමන්ගේ වෘත්තීය අධිකාරිය පාවිච්චි ‍කොට ‍වෛද්‍යවරුන් බිහිවීම සීමාකර ති‍බෙනවා.

    ‍වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව තීරණය කළයුත්තේ ර‍ටේ ආර්ථික ඉලක්කයයි. ‍මේ අධිකාරය බිඳ දැමිය යුතු ‍වෙනවා. සයිටම් ආයතනයට ‍වෛද්‍ය සිසුන් බඳවා ගැනීම වහාම නතර කළයුතු ‍වෙනවා. සුදුසු පිරිසට සායනික පුහුණුව දියයුතු ‍වෙනවා. අ‍පේ ර‍ටේ දිස්ත්‍රික් පදනම නිසා විශ්ව විද්‍යාලයට යාමට අවස්ථාව ‍නොමැති අයට මුදල් ‍ගෙවා අධ්‍යාපනය ලැබී‍මේ අයිතිය දියයුතු ‍වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya