අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සයිටම් දරුවන්ට වෛද්‍යවරු ලෙස ලියාපදිංචි වීමට තිබෙන සුද්ද අයිතියට විරුද්ධ වෙන්න එපා

    මාර්තු 09, 2017

    පිටරට යන්න සල්ලි ‍නොමැති සාමාන්‍ය පන්තියේ දරුවෙකුට ශිෂ්‍යත්වයක් අරගෙන හෝ බැංකු ණයක් අරගෙන හෝ වෛද්‍ය උපාධිය ගෙන වෛද්‍යවරයෙක් වෙන්න තිබෙන නිදහස නැති කරන්න එපා. සයිටම් දරුවන්ට වෛද්‍යවරු ලෙස මේ රටේ ලියාපදිංචි වීමට තිබෙන සුද්ද අයිතියට විරුද්ධ වෙන්න එපා යැයි සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

    අමාත්‍යවරය අද (09) පාර්ලිමේන්තුවේ දී  මේ බව ප්‍රකාශ කළේ, සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

    සයිටම් ආයතනය සඳහා ‍සෞඛ්‍ය අමාත්‍යාංශ‍යේ අනුමැතිය පමණක් ‍නොවන අවිස්සා‍වේල්ල සහ ‍හෝමාගම ‍රෝහල් සායනික වශ‍යෙන් පාවිච්චි කිරී‍මේ හැකියාව ද ති‍බෙනවා. අමාත්‍යාංශ‍යෙන් අනුමැතීන් ‍දෙකක් ති‍බෙනවා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ‍කොමිසන් සභා‍වේ ද අනුමැතිය නෑ කිවුවා. ආ‍‍යෝජන මණ්ඩල‍යේ අනුමැතිය හිමිව ති‍බෙනවා. ‍පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ලියාපදිංචියට සමාගම් ලියාපදිංචිය පමණක් ප්‍රමාණවත්. ‍‍වෛද්‍ය උපා‍ධී ආයතනයක් ‍ලෙස ලියාපදිංචි කළ පසු ඇමැතිවරයාට ‍දෙන්න පුළුවන්. අධිකරණමය ක්‍රියාමාර්ගයකට යන්න රාජිත ‍සේනාරත්න මහතා ඉඩ දුන්නා.

     

    මම අමාරු කාර්යයක් කළා. අපි කණ්ඩායම් 18ක් යවා ති‍බෙනවා. ‍වෛද්‍යවරුන්ට ඇහුම්කන් ‍දෙන්න කියා ඇතැමුන් ඉල්ලනවා. වෛද්‍යවරු 400ක් 500ක් එක්‍ ‍වෙලා ‍වෛද්‍යවරුන්ගේ සංගමය පිහිටුවා ගන්නවා. එවැනි ‍‍වෛද්‍යවරුන්ගේ දරුවනුත් ‍මේ සයිටම් ආයතන‍යේ ඉ‍ගෙන ගන්නවා.

     

    පසුගිය ආණ්ඩුව ‍කොතලාවල පීඨය පටන් ගත්තා. ‍බෞද්ධ උපාධි පිරිනමන ආයතනයක් පටන් ගත්තා. අ‍පේ ප්‍රතිපත්තිය අනුව නිදහස් අධ්‍යාපනය රැක ගන්නවා ‍මෙන්ම අධ්‍යාපන‍යේ නිදහස ද රැකගත යුතු ‍වෙනවා. අ‍පේ කාල‍යේ පීඨ විශාල ප්‍රමාණයක් පටන්ගෙන ති‍බෙනවා. 17,000ක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගත්එක 27,000 දක්වා ඉහළ නැංවුවා. නවකවධය හේතු‍වෙන් දරුවන් විශ්ව විද්‍යාලයට යවන්න ‍දෙමාපියන් උත්සාහ කරන්නේ නැහැ. රජරට, මඩකලපුව සහ යාපනය විශ්ව විද්‍යාලයන්හි ප්‍රමිතිය සම්බන්ධ‍යෙන් කතා කරන්නේ නැහැ. සයිටම් ආයතන‍යේ මහාචාර්යවරු 23 ‍දෙ‍නෙකු ඉන්නවා.

    පෞද්ගලික ‍වෛද්‍ය ආයතනවලට විරුද්ධවන අයට ‍පෞද්ගලික ආයතනවල ‍බෙ‍හෙත් ‍දෙන එක නතර කරන්න කියා ඉල්ලනවා. සයිටම් ආයතන‍යේ පහසුකම් ඉතා ඉහළ මට්ටමක ති‍බෙනවා. ‍ලෝක‍‍යේම ‍පෞද්ගලික ‍වෛද්‍ය විශ්ව විද්‍යාල ති‍බෙනවා. නමුත් ඒවා‍යේ කිසි‍වෙකු කෑ ගසන්නේ නැහැ. සුදුසුකම් ‍නොමැති ‍වෛද්‍යවරයා සයිටම් ආයතනය සම්බන්ධ‍යෙන් කතා කරනවා. ඔහු‍ගේ අධ්‍යාපන සුදුසුකම ‍හොරකමක්.

    මේ ර‍ටේ දරුවන් 463,000ක් ජාත්‍යන්තර පාසල්වල ඉ‍ගෙන ගන්නවා. ඒ දරුවන්ට ‍මේ ර‍ටේ අවස්ථා‍වක්දීම වැරැදිද? . වි‍දේශ දරුවන්ට ලංකා‍වේ ශිෂ්‍යත්ව ‍දෙන ක්‍රමයක් අපි එදා පටන් ගත්තා. ආසියා‍වේ අධ්‍යාපන ‍කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන්න එදා එවැන්නක් කළා. ඒ තුනක් ‍ගෙන ‍වෛද්‍ය විද්‍යාව හදාරන්න ‍නොහැකි දරුවන් ඉන්නවා. ‍මේ අයට බැංකු ණය ලබා‍දෙනවා.  පිටරට යන්න සල්ලි ‍නොමැති  සාමාන්‍ය පන්තියේ දරුවෙකුට ශිෂ්‍යත්වයක් අරගෙන හෝ බැංකු ණයක් අරගෙන හරි වෛද්‍ය උපාධිය ගෙන වෛද්‍යවරයෙක් වෙන්න තිබෙන නිදහස නැති කරන්න එපා. එයයි අධ්‍යාපනයේ නිදහස කියන්නේ. අපි තවත් ‍වෛද්‍ය පීඨ ඉතා ඉක්මණින් පටන් ගන්නවා.  රජයේ විශ්වවිද්‍යාලය දියුණු කරනවා. සයිටම් අධිකරණ තීන්දුව ඉතාම පැහැදිළියි.සයිටම් දරුවන්ට වෛද්‍යවරු ලෙස මේ රටේ ලියාපදිංචි වීමට තිබෙන සුද්ද අයිතියට විරුද්ධ වෙන්න එපා.යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya