මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ණය බර අඩු කරගැනීම ඉලක්ක කරගත් සුදුසු ප්‍රතිසංස්කරණයක් සහිත මැද කාලීන මූල්‍ය ඒකාබද්ධ කරන වැඩපිළිවෙලක් අවශ්‍යයි

    මාර්තු 08, 2017

    රට මත පැටවී ඇති අධික ණය බර හේතුවෙන්  රටේ සම්පත්වලින් සැළකිය යුතු ප්‍රමාණයක් ණය ආපසු ගෙවීම සඳහා යොමු කිරීමට සිදුව තිබෙනවා. මේ ගැටළුව ජයගත හැක්කේ, අයවැය පරතරය අඩුකරගැනීම සහ රටේ ණය බර අඩු කරගැනීම ඉලක්ක කර ගත් සුදුසු ප්‍රතිසංස්කරණයක් සහිත මැද කාලීන මූල්‍ය ඒකාබද්ධ කරන වැඩපිළිවෙලකින් බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    රජය දේශීය වසහ්යෙන් ගෙවීමට තිබෙන ණය කොපමණදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමත්‍යවරයා මේ බව පැවසී ය.

    2017 සිට 2020 වර්ෂය දක්වා කාලය තුළ රජය විසින් ගෙවිය යුතු සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 15,000ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව 2017 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 4088ක් ද 2017 වසරේ ඇ.ඩො. බිලියන 4164ක් ද 2019 දී ඇ.ඩො. බිලියන 3743ක් ද, 2020 දී ඇ.ඩො. බිලියන 3209ක් ද වශයෙන් විශාල ණය කන්දරාවක් ගෙවීමට සිදු ව තිබෙනවා.මේ සියලු ණය පසුගිය පාලන සමයේ ගත් ණයයි.


    මේවාට උත්තර දෙන්න බැරි නිසා සභාවෙන් කට්ටියම පිටවෙලා ගියා. මේ ණය උගුලෙන් ගැලවීම අපිට තිබෙනවා.ඒ අභියෝගය ජයගැනීම, සම්මුතිවාදී ආණ්ඩුවකින් මේ අභියෝගය ජයගත හැකි බව බහුතර මතයයි.සම්මුතිවාදී ආණ්ඩුවකින් මේ අභියෝගය ජයගත හැකි බව බහුතර මතයයි.


    අපේ ගමන් මඟ ගැන බොහෝ දෙනෙක් අවධානයෙන් සිටිනවා.ගෝලීය ආර්ථික අර්බුදය අප මුහුණ දෙන දෙවන අර්බුදයයි.ඒ නිසා අපේ රටට සිදුවන බලපෑම් අවම කර ගත යුතුයි. ණය උඟුලේ බලපෑමෙන් මිදිය යුතුයි. රාජ්‍ය ණය පද්ධතියේ සඟවා තිබූ ණය මුදල් රාජ්‍ය ණය පද්ධතියට එකතු වීම නිසා ඇති වූ අර්බුද ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීම්වලින් හෝ සමනය කරගැනීමේ අවස්ථා ද ගෝලීය ආර්ථික අවපාතය නිසාද ඇහිරී ගොස් තිබෙනවා.

    කලින් ආණ්ඩුව කළා වගේ අපි තවත් ණය ගැනීමේ මේ ප්‍රශ්නය විසඳන්නේ නෑ.අපි ඉන්න අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ ඒමට නම්,රටේ ආදායම වැඩි කරගත යුතුයි. අප සිදු කරන්නේ එයයි. ඒ සඳහා වැඩි වශයෙන් ආයෝජන මේ රටට ලබාගත යුතුයි. රැකියා අවස්ථා වැඩිකරගත යුතුයි. අපේ නිෂ්පාදන සඳහා පුළුල් විදේශීය වෙළඳපොළක් නිර්මාණය කරගත යුතුයි.බදු ආදායම් විධිමත් කරගත යුතුයි.නවීන ලෝකයට ගැළපෙන බදු එකතු කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳවද අවධානය යොමු වී තිබෙනවා. පුළුල්ව සිතමු. ආර්ථික අභියෝග ජයගැනීමට එක්වෙමු යැයි ද අග්‍රමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya