අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව තුළ ඇතැම් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසකගේ හැසිරීම කණගාටුදායකයි

    මාර්තු 08, 2017

    පාර්ලිමේන්තුව තුළ ඇතැම් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසකගේ හැසිරීම ඉතාමත් කණගාටුදායක බවත්  දිගින් දිගටම සැළසුම් සහගත ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු අඩපණ කිරීමේ අරමුණින් ඇතැම් විපක්ෂයේ මන්ත්‍රීවරු කටයුතු කළ බවත් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (08) මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගීවෙමිනි. අද පාර්ලිමේන්තුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු සේවය සතියකට අත්හිටුවීමට පියවර ගැනීම හා ඊට තුඩුදුන් සිදුවීම පිළිබඳව කරුණු පැහැදිළි කිරීම සඳහා මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

     

    පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු පිරිසකගේ හැසිරීම ඉතාමත් කණගාටුදායකයි. දිනකට පාර්ලිමේන්තුව පැවැත්වීමට මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැය වෙනවා.අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව ඇතැම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය කණගාටු වෙනවා. ඔවුන් මැතිසභයේ කටයුතුවලට දිගින් දිගටම බාධා කළා.කතානායකතුමා ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව සභාව පාලනය කරන්න උත්සාහ කළා. සභාව විටින් විට අත් හිටුවා තත්ත්වය පාලනය කරන්න උත්සහ කළා.

    දිගින් දිගටම සැළසුම් සහගත ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු අඩපණ කිරීමේ අරමුණින් ඇතැම් විපක්ෂයේ මන්ත්‍රීවරු කටයුතු කළා.නැති වූ බලය ලබාගැනීමට  දිගින් දිගටම විවිධ ක්‍රියාකාරකම්වල ඔවුන් යෙදෙනවා. පාර්ලිමේන්තුව තුළ රජයේ කටයුතුවලට බාධාවන අයුරින් අශෝබන ලෙස හැසිරුණා.එක්සත් ජාතික පක්ෂය ඒ පිළිබඳව කණගාටු වෙනවා.

    මන්ත්‍රීවරු ඡන්දය භාවිතා කරලා,විරෝධය ප්‍රකශ කළා.තම පක්ෂවල නායකයන්වත්  ඡන්දයට ආවේ නෑ.ස්ථාවර රජයක් හැටියට පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඉදිරියේ දී ඉඩ දෙන්නේ නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා: පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මඟට විශාල තර්ජනයක් වුණා.පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට විරුද්ධව උන්මත්තකයි ලෙස කටයුතු කළා.පාර්ලිමේන්තුව තුළ යහපාලන ආණ්ඩුවේ ගමන කාටවත් නවත්වන්නට බැහැ

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාලහෙට්ටි ආරච්චි මහතා: පසුගිය කාලය තුළ  සිදු වූ ලොකුම ඛේදවාචකය මෙයයි.මේ තත්ත්වය වෙනස්විය යුතුයි.මේ සිදුවීම පිළිබඳව ඉතාමත් කණගාටුවට පත්වෙනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා: අද සිදුවීම ඉතාම කණගාටුදායකයි. දිගින් දිගටම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කළා. විශාල මහජන මුදලක් පාර්ලිමේන්තුවට වැය වෙනවා. මෙයත් එක්තරා කුමන්ත්‍රණයක්. රජය ලෝකයේ අපකීර්තියට පත් කරන්නට ගත් උත්සාහයක්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya