අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට සභාවෙන් ඉවත් වන ලෙස කතානායක දන්වයි

    මාර්තු 08, 2017

    සභාවේ කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද දවසේ පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වන තෙක් සභාවෙන් ඉවත් වන ලෙස කතානායක කරු ජයසූරිය මහතා දැන්වීය.

    මෙම තීරණය ස්ථාවර නියෝග 74(1) යටතේ ගන්නා බවත් ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටුවන බවත් කතානායකවරයා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම ස්වාධීනවීමට කළ ඉල්ලීමට කතානයකවරය විසින් ලබාදුන් තීරණයත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් මතු විය.

    බිය ගන්වා හෝ තර්ජනය ක තම තීරණය වෙනස් කළ නොහැකි බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසී ය. පාර්ලිමේන්තුව යළි ආරම්භ වීමෙන් අනතුරුව දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ උණුසුම් විවාද ඇති විය. එහිදී අවස්ථා කීපයකදී මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ විනය විරෝධී ලෙස නොහැසිරෙන ලෙස කතානායකවරයා අවවාද කළ අතර, මන්ත්‍රීවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් කතානායකවරයා සිය අප්‍රසාදය පළ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya