අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යෝජනා සම්මතයකින් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගේ පාර්ලිමේන්තු සේවය සතියක් අත්හිටුවයි

    මාර්තු 08, 2017

    පාර්ලිමේන්තුවේ යොජනා සම්මතයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු සේවය සතියක කාලයකට අත්හිටුවනු ලැබීය.

    කතානායක කරූ ජයසූරිය මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව නිවේදනය කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම ස්වාධීනවීමට කළ ඉල්ලීමට කතානයකවරය විසින් ලබාදුන් තීරණයත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් විවාදයක් ඇති වූ අතර දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට සභාවෙන් ඉවත් වන ලෙස කතානායකවරයා දන්වා සිටියේ ය.

    සභාවේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමෙන් පසුව යළි සභාවේ කටයුතු ආරම්භ වූ අවස්ථාව වන විටත් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සභාවේ රැදී සිටියේ ය. ඉන් අනතුරුව මන්ත්‍රීවරයා සභාවෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවක් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ගෙන ආවේය.

    ඉන් අනතුරුව ඡන්ද විමසීමක් නාමිකව සිදු කෙරිණි. මන්ත්‍රීවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට පක්ෂව ඡන්ද 85ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 22ක් ලැබුණි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේ ය.

    ඒ අනුව කතානායකවරයා විසින් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු සේවය සතියක කාලයක් අත් හිටුවනු ලබන බවට දන්වා සිටියේ ය.

    මෙහිදී අඳහස් දැක්වූ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකශ කළේ, අද සභාවේ සිදු වූ සිදු වීම පිළිබඳව කණගාටු වන බවයි. මේ වනවිට පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya