අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාධීනවීමට කළ ඉල්ලීම ඉවතට - තීරණයේ වෙනසක් නෑ - කතානායක

    මාර්තු 08, 2017

    මහමැතිවරණයෙන් තරඟ කළ පක්ෂ හයට අමතරව  නව පක්ෂයක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපනය කිරීමට කතානායකවරයා ලෙස තමන්ටත් පාර්ලිමේන්තුවටත් කළ නොහැකි බවත් තමන් විසින් ලබාදුන් තීරණය වෙනස් කළ නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම  එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබාදෙන්නැයි සිදු කළ ඉල්ලීමට තම තීරණය ප්‍රකාශ කරමින් කතානායක කරූ ජයසූරිය මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගවලට අනුකූලව නීත්‍යාණුකූල පදනමක් යටතේ 2015 අගෝස්තු මස මහමැතිවරණයකට තරඟ කොට තේරුණ දේශපාලන පක්ෂ හය, එනම් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එලංගෙයි තමිල්අරෂු කච්චි පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය  ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය යන පක්ෂ හයට අමතරව තවත් වෙනත් දේශපාලන හෝ පක්ෂ කණ්ඩායම් නිත්‍යාණුකූලව පිළිගත හැකිද යන්න කතානායකවරයා ප්‍රශ්න කර සිටියේ ය.

     

    ඉතිහාසයේ ද මෙවැනි ස්වාධීනවීම් දක්නට ලැබී තිබෙන බවද පෙන්වා දුන් කතනායකවරයා, එම අවස්ථාවන්වලදී එම මන්ත්‍රීවරුන්ට තම අයිතීන් ආරක්ෂා කර දීමට, විශේෂයෙන් ම පාර්ලිමේන්තුව තුළ අඳහස් ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය, කතානයකවරයගේ මැදිහත්වීමෙන් ලබාදුන් අවස්ථා බොහොමයක් ඇත.

    2015 අගෝස්තු පවත්වනු ලැබූ මහමැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නියෝජනය කරමින් විමල් වීරවංශ මහතා ජයග්‍රහණය කර ඇත. ආණුක්‍රම ව්‍යවස්ථාව අනුව සහ ස්ථාවර නියෝගවලට අනුව නීතියෙන් පිළිගැණුනු නව පක්ෂයක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපනය කිරීමට කතානායකවරයා ලෙස තමන්ටත් පාර්ලිමේන්තුවටත් කළ නොහැකි බව පැවසීය.

    ඒ අනුව ණිතික වශයෙන් පාර්ලිමේන්තුවේ පිළිගත හැක්කේ,නාමයෝජන පරිදි පාර්ලිමේන්තුවට තේරි පත් වූ ගැසට් පත්‍රය පරිදි පක්ෂයක් හෝ කණ්ඩායමක් පමණක් බවත් අවස්ථානුගතව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රියාකිරීමේ දී තම කැමැත්ත අනුව නියෝජනය කිරීමට බලාපොරොත්තු වන කණ්ඩායමක් හෝ පක්ෂයක් නොවන බව අවධරණය  කරන බවත් මෙම තීරණය ගැනීමේ දී සියලු අඳහස් පිළිබඳව අවධානය යොමු කළ බවද කතානායකවරය පැවැසී ය.

    මෙහිදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය අනුව අවසන් තීරණය ලබාදී තිබෙන බවයි. මෙහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, විමල් වීරවංශ මහතා ස්වාධීනවීම ගැටළුවක් නොමැති බවත් පක්ෂය කණ්ඩායමක් ලෙස හැදින්වීම ප්‍රශ්නයක් බවත්ය. විමල් වීරවංශ මහතා මෙහිදී සඳහන් කළේ, මීට පෙර ජනතා විමුක්ති පෙරමුණද ස්වාධීන වී තිබෙන බවයි. එහිදී කතානායකවරයා ප්‍රකාශ කළේ තම තීරණයේ වෙනසක් නොවන බවයි.


    සිදු කළ ඉල්ලීමට අද (08) කතානායකවරයාගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් කතානායකවරයා සභාව විනාඩි දහයකට කල්තැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya