අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයන් විවාදයට

    මාර්තු 07, 2017

    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයන් දෙකක් අද (07) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අදාළ නියමයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේ ය.


    විවාදය ආරම්භ කළ මුදල් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.


    අප අයවැය මුල් කරගෙන යම් යම් සංශෝධනයන්ට ඉදිරිපත් වුණා. රථ වාහන ආනයනය කිරීමේ නිවැරැදි කිරිමක් කරන්න අපට සිදු වුණා. 2014 ලක්ෂ හතරක් කාර් ආනයනය කර තිබෙනවා. 2015 ලක්ෂ හයක් කාර් ආනයනය කර තිබෙනවා. 2016 වසරේ අප යම් යම් සංශෝධනය කළා. ඒ නිසා කාර් ප්‍රමාණය අඩු කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ නිසා අපේ ආදායම 2014 කෝටි 9600යි. 2015දී කෝටි 23,000යි.  යම් අයට සහන ලබාදී තිබෙනවා. ඉලෙක්ට්‍රික් කාර් ගෙන්වා ගැනීමටයි. ඉලෙක්ට්‍රික් කාර් සියයට පනහකින් අඩු කර දිරි ගැන්වීමක් කර තිබෙනවා. මෙය සිදු කළේ රජයේ ප්‍රතිපත්තිය දැනුම්වත් කිරීමටයි.

     

    රේගුව මුදල් පරිපාලනය නිසි පරිපාලනයකින් සිදු වෙනවා. එදා ජනාධිපති කාර්යාලයෙන් කියන ආකාරටයි මුදල් ලබා ගත්තේ. අපි ස්ථිර මිලක් නම් කර තිබෙනවා. ක්‍රමානුකූලව අද මේ රටේ වාහන ආනයනය සිදු වෙනවා. භාවිතා කළ වාහනවලට මිලියන දෙකක බද්දක් අය කිරීමට කටයුතු කළා. ඒ වගේම බියර් කෑන්වලට බදු එකතු කළා. මේවා ආදායම් උපයන මාර්ග වගේම බියර් පානය අවම කිරිමට කරන වැඩපිළිවෙළක් වෙනවා.ණය කන්දරාව ජනතාවට බරක් නැතුව ගෙවීමට අප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා යැයි පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya