මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොමිෂම තුළින් සියල්ල හෙළිවෙනවා - මුදල් අමාත්‍ය

    මාර්තු 07, 2017

    වට්ටපු ආර්ථිකය ගොඩ ගනිමින් සිටිනවා. බැඳුම්කර සිදුවීම පිළිබඳ සෙවීමට කොමිසක් දැම්මා. කොමිෂම තුළින් සියල්ල හෙළිවෙනවා. පන්සල් ගානේ යන්නේ නැතුව උසාවි යන්න කියා   අභියෝග කරනවා යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකශ කරයි.

    අමාත්‍යවරයා මේ බව අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයන් පිළිබඳ විවාදය අරම්භ කරමිනි.

     

    වසර 2012 මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම්, බැංකු අධිපති ඔක්කොම අත්සන් කර තිබෙනවා. 2013 වසරේ කවුරුත් අත්සන් කර නෑ. ඒක කෙළින් ම මහබැංකුවෙන් ගිහින් තියෙනවා මුද්‍රණාලයට. වෙනස වුණේ, 2016 ජනවාරි පෙබරවාරි කරන්නේ නැතිව, නොවැම්බර් දෙසැම්බර් කරලා තියෙන්නේ. ඒක බලන්න ඕන,කොහොමද මේක කරලා තියෙන්නේ කියලා. 2012 පසුව කවුරුත් අත්සන් කර නෑ. එතකොට මහබැංකුවේ කටද මේ අයිතිය ලබාදී තියෙන්නේ? මේ මුළු ක්‍රියාදාමයම බැලිය යුතුයි. මේවා හෙළිදරව් වෙනකොට පේනවා. ලොකු ප්‍රශ්නයක් ඇතිව තිබෙනවා. මා පෙන්වා දෙන්නේ ඇත්ත තත්ත්වයයි.  


    අපි බැඳුම්කර පිළිබඳ සෙවීමට කොමිසක් දැම්මා. අදට දවස් දහයයි තවම උසාවි ගියේ නැහැ. මෙය තමයි හොඳම අවස්ථාව නිවැරැදියි කියා පෙන්වනවා නම්. මේ සම්ප්‍රදාය ඇති කළේ, මහින්ද රාජපක්ෂ රජය. මෙය අපි පටන් ගත්ත එකක් නොවෙයි.

    රූපවහිනියට ගිහින් ඕන දෙයක් කියන්න පුළුවන්.  මෙය තමයි දිගටම සිදු වී තිබෙන්නේ. ඒ විදිහටමයි 2015 ගිහින් තිබෙන්නේ. මේ වගේ කට්ටිය තමයි බැඳුම්කර ගැන කෑගැහුවේ. දැන් තමයි සියල්ල හොළිවෙන්නේ. ප්‍රයිවෙට් ප්ලෙස්මන්ට් සියයට 80.8ක් ලබාදී තිබෙනවා. එය යන්නේ පුද්ගලික බැංකුවලට.  ඒ නිසා කොමිසම ඉදිරියට යන  විට සියල්ලම හෙළිවෙයි. මෙයයි සැබෑ තත්ත්වය.  

     

    පන්සල් ගානේ යන්නේ නැතුව උසාවි යන්න කියා මා අභියෝග කරනවා. වට්ටපු ආර්ථිකය අපි ගොඩ ගනිමින් ඉන්නවා. මුදල් සංචිතය දක්ෂ ලෙස කළමනාකරණය කර ඇති බවට ජාත්‍යන්තරයත් පිළිගෙන තිබෙනවා. කොමිෂම තුළින් සියල්ල හෙළිවෙනවා. මේ සම්ප්‍රදාය අපි නවත්වා තිබෙනවා. කළ පව්වලට අහිංසක ජනතාවට ගෙවන්න වෙලා තිබෙනවා යැයි ද මුදල් අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya