අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සයිටම් වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්ෂණ කඩිනමින් සිදු කරනවා

    මාර්තු 07, 2017

    සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ කොට සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව  නීතිය හාසාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, සයිටම් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට සිටිනවා.  සැකකරුවන් සොයා ගත් පසු විමර්ශන කළ හැකියි. පොලීසියේ විමර්ශන කටයුතු නිවැරැදිව සිදු කරනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි නොමැති බවද පැවසූ අමාත්‍යවරයා,  සිද්ධියට සම්බන්ධ ගිනි අවි දෙකක්, යතුරු පැදියක් සහ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි  ද විමර්ශන කටයුතු තවමත් අවසන් වී නැතැයි  ද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya