අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජකර්තා නුවර Soekarno Hatta ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟාවෙයි වෙයි

    මාර්තු 06, 2017

    ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට  සහභාගීවීම සදහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (06)දහවල් ජකර්තා නුවරSoekarno Hatta ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

    ඉන්දුනීසියානු රජය වෙනුවෙන් එරට මහජන උපයෝගීතා සහ නිවාස අමාත්‍ය Basuki Hadimuljono මහතා ඇතළු විශේෂ දූ පිරිසක් විසින් මෙහිදී ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු  ලැබීය.

    ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව හෙට (07) පෙරවරුවේ ජකර්තා නුවරදී ඇරඹෙයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එහි සමාරම්භක උත්සවයට සහභාගීවීමට නියමිත අතර ශී‍්‍ර ලංකා වේලාවෙන් හෙට පෙ.ව 11.00 ට පමණ සමුළුව ඇමතීමට නියමිතය.

    මේ අතර ඉන්දුනිසියාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබෙන ඉන්දුනිසියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් සමග සුහද හමුවකට ද ජනාධිපතිතුමා අද පස්වරුවේ එක් වෙයි.

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන්වන වී. රාධකි‍්‍රෂ්ණන්, සූජීව සේනසිංහ, දිල්ප් වෙදආරච්චි යන මහත්වරුන් ද ජනාධිපතිතුමා සමඟ මෙම සංචාරයට එක්ව සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya