අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැල්පොල විපස්සි පදනම් මූලස්ථානයේ ඉදිවූ නව සිවුමහල් මන්දිරය ජනපති අතින් විවෘත කෙරේ

    මාර්තු 05, 2017

    ජපන් ශ‍්‍රී ලංකා සංස්කෘතික මිත‍්‍රත්ව සංගමයේ සභාපති ජාත්‍යන්තර පැල්පොල බෞද්ධ විහාරයේ විහාරාධිපති, ජපානයේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සී හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය ඊයේ දිනට තිබුණු අතර ඒ නිමිත්තෙන් පැල්පොල විපස්සි පදනම් මූලස්ථානයේ ඉදිවූ නව සිවුමහල් මන්දිරය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (04) විවෘත කෙරිණි.

    අද පස්වරුවේ පැල්පොල විපස්සි පදනම් මූලස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත් වල නිරත වූ අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව සිවුමහල් මන්දිරය විවෘත කළේය.

    අඩසිය වසරකට වැඩි කාලයක සිට රටට, සම්බුද්ධ ශාසනයට මෙන්ම ප‍්‍රදේශවාසී ජනතාවට මහඟු සේවයක් ඉටුකරනු ලබන පූජ්‍ය පැල්පොල විපස්සි හිමිපාණන් වහන්සේට මෙහිදී ජනාධිපතිතුමා සිය ජන්ම දින සුබ පැතුම් පිරිනමනු ලැබීය.

    කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පළාත් මැති ඇමතිවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya