අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතෘ භූමියට එරෙහිව ප‍්‍රතිවාදීන් ගෙන යන අසත්‍ය ප‍්‍රචාරවලට රැවටෙන්න එපා- ජනපති ඉන්දුනීසියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින්ට කියයි

    මාර්තු 07, 2017

    රජය පිළිබඳව දේශපාලන ප‍්‍රතිවාදීන් ඇතැම් වෙබ් අඩවි සහ මාධ්‍ය ඔස්සේ ලෝකය පුරා විවිධ වැරදි ප‍්‍රචාරයන් ගෙන යන අතර එම අසත්‍ය ප‍්‍රචාරයන්ට නොරැවටෙන ලෙස තමා සියලූ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිතුමා පැවසීය.

    ඉන්දුනීසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිතුමා   (06) පස්වරුවේ ඉන්දුනිසියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් සමග සුහද හමුවකට එක්වෙමින් මේ බව ප‍්‍රකාශ කළේ ය.

    මාතෘ භූමියේ නිදහසත්, ස්වාධීනත්වයත් රැුක ගනිමින් සංවර්ධිත රටක් ලෙස ශී‍්‍ර ලංකාව ගොඩනගන බව

    මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා රට තුළ ස්ථිර සාර සාමයක් ස්ථාපිත කරමින් නැවත යුද්ධයක් ඇති නොවන ලෙස සියලූ ජනතාව අතර සහෝදරත්වය සහ සහජීවනය ගොඩනැගීම වත්මන් රජයේ වැඩපිළිවෙල බව ද කියා සිටියේය.

    අද ශී‍්‍ර ලංකාව සහ ශී‍්‍ර ලංකා රජයේ වැඩපිළිවෙළ මුළු ලෝකයේම පිළිගැනීමට ලක්ව ඇති අතර ඒ සියලූදෙනාගේ සහයෝගයෙන් රටේ සංවර්ධන වැඩපිළිවෙල  කඩිනම් කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

    ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයෙකුට ඉන්දුනීසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණේ වසර 40 කට පසුව බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා වසර 44 කට පසුව රුසියානු රජයෙන් ලැබුණු නිල ආරාධනයක් පරිදි තමා තවත් සති දෙකකින් රුසියාවේ නිල සංචාරයක නිරත වන බව සඳහන්
    කළේ ය.

    ඉන්දුනීසියානු රජය ශී‍්‍ර ලංකාවට ලබාදෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා සහල් මෙට්ටි‍්‍රක් ටොන් 5000 ක් පරිත්‍යාග කරමින් දැක්වූ සහයෝගය ද කෘතවේදීව සිහිපත් කළේ ය.

    ඉන්දුනිසියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී මෙම හමුව සිදුවූ අතර ජනාධිපතිතුමාගේ පැමිණීම සංකේතවත් කරමින් තානාපති කාර්යාල පරිශ‍්‍රයේ නා පැලයක් ද රෝපණය කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya