මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය පියවීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි

    පෙබරවාරි 26, 2017

    සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ බරපතල ගැටලුවක් බවට පත්ව ඇති නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය පියවීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සාක් කලාපීය රටවල නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සංගමයේ 12 වන මහ සභා රැස්වීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

    නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් සිදුවන ශල්‍ය කර්ම ප‍්‍රමාදවීම් නිසා මහජනතාව ගැටලු රැසකට මුහුණ දී සිටින බව පැවසු ජනාධිපතිතුමා මේ කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව තිබෙන බව ද ප‍්‍රකාශ කළේය.

    බි‍්‍රතාන්‍යයේ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති Willian Harrow Grssith මහතා මෙම සමාරම්භක උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් විය.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ශ‍්‍රී ලංකා නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති කණිෂ්ක ඉන්ද්‍රරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya