අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුම පිළිබඳව රටේ ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇති කරන්න එපා - ජනපති

    දෙසැම්බර් 08, 2016

    ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුම පිළිබඳව රටේ ජනතාව සහ අනෙකුත් අංශ තුළ අනවශ්‍ය බියක් ඇති නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

    එම ගිවිසුමට රජය අත්සන් තබන්නේ එය පළමුව කැබිනට් මණ්ඩලයට ද දෙවනුව පාර්ලිමේන්තුවට ද ඉදිරිපත්කර අහිතකර දේ ඇත්නම් ඒ සියල්ල ඉවත් කිරීමෙන් පසු සියලු දෙනාට පිළිගත හැකි ගිවිසුමක් ලෙස බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ඊයේ (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ එම අය වැය විවාදයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

     

    රජයක් ලෙස ඉන්දියාව සමඟ පමණක් නොව ආර්ථික වශයෙන් ශක්තිමත්, ආර්ථික සහයෝගය ලබාගත හැකි සියලූ රටවල් සමඟ රජය ඉදිරියේ දී නව එකඟතාවයන් ඇති කර ගැනීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

     

    රජය ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබඳ ඇතැම් පාර්ශවයන් ඉදිරිපත් කරන ජනතාව නොමග යවන සුළු, වැරදි මත ඉතා කණගාටුදායක බව පැවසූ ජනාධිපතිතුමා රටේ ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන සියලු දෙනා මෙම කරුණු හමුවේ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

     

    නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමේ සහ සංශෝධනවලට යටත්ව බව  පැවසු ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් තවමත් රජය කිසිදු එකගතාවයකට පැමිණ නොමැති බව ද සඳහන් කළේය.

     

    වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම, නව ආණ්ඩුකම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම, නව අණ පණත් ගෙන ඒම යන සියල්ලේදී රජය කටයුතු කරන්නේ ජනතා මතය විමසමින් මෙන්ම රටේ උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

     

    රටේ ජාතික ආරක්ෂාව දේශපාලන වාසි සහ අනාගත බලය සඳහා භාවිතා කළහොත් සෑම කෙනෙකුටම අනාගතයේ නැවත දුක්වීමට සිදුවන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාව පිළිබඳ වැඩපිළිවෙළේ දී  විවේචන ඉතා වැදගත් සේම වඩා හොඳ ඉදිරි සැලසුම් සහ යෝජනා ද ඉතා අත්‍යාවශ්‍ය බව  පෙන්වා දුන්නේය.

     

    ජාතික ආරක්ෂාව පිළිබඳව රජයේ වගකීම ඉතා අවංකව උපරිම වශයෙන් ඉටු කිරීමට රජය කැපවී සිටින අතර ආරක්ෂක අංශ ශක්තිමත් කරනවා මිස කිසිදු අවස්ථාවක දුර්වල වීමට ඉඩ නොතබන බවත් නවීන තාක්ෂණය සමඟ ඉදිරියේදී පැමිණෙන සයිබර් අපරාධ වැනි තත්ත්වයන්ට මුහුණදිය හැකි අයුරින් අපගේ ආරක්ෂක අංශවලට අවශ්‍ය පුහුණුව, නවීන තාක්ෂණය මෙන්ම අවශ්‍ය සම්පත් නොඅඩුව ලබාදීමට රජය කටයුතු කරන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත්  ප‍්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya