අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින් ආර්ථික සංවර්ධනයක් කරා යාම සැළසුමයි

    දෙසැම්බර් 07, 2016

    රටේ ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින් ආර්ථික සංවර්ධනයක් කරා යාමට සැලසුම් කර තිබෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (07) පාඅර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයේ අඳහස් දක්වමිනි.

    මෙවර අයවැයෙන් බිලියන 284ක් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කර තිබෙනවා. මේ රටේ ආරක්ෂාවට හා හමුදාවට අවශ්‍ය සම්පත් ලාදීමට මෙයින් මුදල් වෙන් කර තිබෙනවා. රටේ ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින් ආර්ථික සංවර්ධනයක් කරා යාමට අපි සැලසුම් කර තිබෙනවා.

    උතුරේ ජනතාවට ගොවිතැන් කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. 21 වන සියවසට ගැ‍ළපෙන හමුදාවක් සකස් කිරීමට අපි පියවර ගෙන තිබෙනවා.

    නාවික හමුදාවටත් නවීන තාක්ෂණයෙන් යුද නැව් දෙකක් ලබාදිමට සැකසුම් කර තිබෙනවා. ඉදිරියේදී මීට වඩා ලොකු ෆිගට් වගේ නෞකාවන් ජපානය සමඟ කතා කර ලංකාව තුළදීම නිර්මාණය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ගුවන් හමුදාවටත් නව ගුවන් යනා බලා දෙන්න අපේක්ෂා කරනවා.

    ත්‍රිවාධ හමුදාව ශක්තිමත් කර ජාතික ආරක්ෂාව ශක්තිමත් කර සියලුදෙනාව ලාංකිකයන් වශයෙන් ඉදිරියට ගෙනයාමට අපේ අරමුණයි. රණවිරුවන්ගේ ආබාධිත දුබලතා වැටුප දිවිය පුරා ලබාදෙන්න ජනාධිපතිතුමා තීරණය කළා. ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නයට විසඳුම් ලබාදෙනවා. ලබන වසරේ පෙබරවාරී මාසය වනවිට ඔවුන්ගේ සියලු ප්‍රශ්න නිරාකරණය කරනවා. පහුගිය ආණ්ඩු කාලයේ රණවිරුවන්ට කිසි දෙයක් කළේ නැහැ යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya