මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව තානාපතිවරු සිවුදෙනෙක් අක්ත පත්‍ර භාර දෙති

    ජූලි 22, 2016

    ශී‍්‍ර ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරු සිව් දෙනෙකු ඊයේ (21) ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්ත පත‍්‍ර භාර දුන්හ.

    මෙක්සිකෝව, පෘතුගාලය, ගී‍්‍රසිය සහ අයර්ලන්තය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටින අතර ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

     

    01. මෙල්බා පි‍්‍රයා ඔලවරියේතා  (H.E. Melba Pria Olavarrieta)  – Ambassador Designate of Mexico

    02.  යවුදෝ කර්මෝ අතෙයිද් ද කමාරා මහතා (H.E. Joado Carmo Ataide da Camara) – Ambassador Designate of Portugal

    03.පනෝස් කලොගෙරුපුලෝස් මහතා (H.E. Panos Kalogeropoulos) – Ambassador Designate of Greece

    04. බ‍්‍රයන් මැක්එල්ඩෆ් ( H.E. Brian McElduff)– Ambassador Designate of Ireland


    මෙහිදී නව තානාපතිවරුන් ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ජනතාවගේ දූගී භාවය තුරන් කිරීම සහ ආර්ථික සංවර්ධනය ඇති කිරීම මෙන්ම සියලු ජන කොටස් අතර සංහිඳියාව ගොඩනැගීම වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය බවයි.

     

    ශී‍්‍ර ලංකාව සහ තම රටවල් අතර පවතින සබඳතා තවදුරටත් පුළුල් කර ගනිමින් ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදීමට කැපවන බවට මෙහිදී නව තානාපතිවරුන් ජනාධිපතිතුමා හමුවේ සහතික විය.

     

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චිත‍්‍රාංගනී වාගීශ්වර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya