මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රේගු පනත පිළිබඳව රේගු නිලධාරීන් ජනපති හමුවෙති

    ජූලි 22, 2016

    නව රේගු පනත හඳුන්වා දීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රේගු නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ඊයේ (21)  ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    නව රේගු පනතේ අන්තර්ගත බොහෝ කරුණු විදේශීය රටවල රේගු පනත්වලින් උකහා ගෙන ඇති බැවින් එය ශ‍්‍රී ලංකාවට නොගැළපෙන බව මෙහිදී රේගු නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත දන්වන ලදී.

     

    දැනට ක‍්‍රියාත්මක රේගු පනත සහ යෝජිත නව රේගු පනත විධිමත් ලෙස විමර්ශණය කොට ඉදිරි සති තුනක් ඇතුළත මුදල් අමාත්‍යාංශයේ සහ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකින් අනතුරුව ඉදිරි පියවර ගන්නා බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

     

    නීතිරීති ලිහිල් කර සිදුකරන කිසිදු පනත් සංශෝධනයකට තම එකඟත්වය හිමි නොවන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා දැනට පවතින පනතේ අඩුපාඩු සකස්කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද සිය අවධානය යොමු කළේය.

     

    මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට ස්තූතිය පළ කළ රේගු නිලධාරීන්ගේ සංගමය, ඒ වෙනුවෙන් තම උපරිම දායකත්වය සපයන බවට ද සහතික විය.

     

    මෙම සාකච්ඡාවට රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති යූ.ඒ.එන්.ආර්. උඩුවිල මහතා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya