මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව මහබැංකු අධිපති ජනපති අතින් පත්වීම් ලිපිය ලබා ගනි

    ජූලි 04, 2016

    නව මහබැංකු අධිපති ලෙස නම් කෙරුණු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (04) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

    ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

     

    අන්තර්ජාතික ආර්ථික විශේෂඥයෙක් වන ආචාර්ය කුමාරස්වාමි මහතා 1973 වසරේදී ශ‍්‍රී ලංකා මහබැංකුව සමග සම්බන්ධ වී ඇති අතර ආර්ථික පර්යේෂණ, සංඛ්‍යා ලේඛන සහ බැංකු අධීක්ෂණ කොට්ඨාස නිලධාරියෙකු ලෙස 1989 වසර දක්වා සේවය කර ඇත.

     

    1981 සිට 1989 කාලයේ මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශයට ද අනුයුක්ත කොට තිබූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 1990 සිට 2008 දක්වා බි‍්‍රතාන්‍යයේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වශයෙන් ද මහලේකම්වරයාගේ කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර තිබේ. පසුව නැවතත් පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ සේවයට එක් වන ඒ මහතා සමාජ විපරිවර්තන වැඩසටහන් අංශයේ අන්තර්වාර අධ්‍යක්ෂ වශයෙන් ද කටයුතු කළේය.

     

    කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ බි‍්‍රතාන්‍යයේ හැරෝ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබා සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලැබූ මූල්‍ය කළමනාකරණය පිළිබඳ හසළ විද්වතෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya