අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව මහබැංකු අධිපති හෙට ජනපති අතින් පත්වීම ලබයි

    ජූලි 03, 2016

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ශ‍්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස ප‍්‍රකාශයට පත් කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට ලබන සදුදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින්පත්වීම් ලිපිය ලබා දීමට නියමිතය.

    ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍ය රනිල්වි ක‍්‍රමසිංහ මැතිතුමා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිතුමා විසින් නව මහබැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම්කරනු ලැබීය.

    මේ අතර ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් ඊයේ (02) ජනාධිපතිනිල නිවසේදී පැවැත්විණි.

    අන්තර්ජාතික ආර්ථික විශේෂඥයෙක් වන ආචාර්ය කුමාරස්වාමි මහතා1973 වසරේදී ශ‍්‍රී ලංකා මහබැංකුව සමඟ සම්බන්ධ වී ඇති අතර ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාලේඛන සහ බැංකු අධීක්ෂණ කොට්ඨාස නිලධාරියෙකු ලෙස 1989 වසර දක්වා සේවය කර ඇත.

    1981 සිට 1989 කාලයේ  මුදල්හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශයට ද අනියුක්ත කොට තිබූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 1990 සිට 2008 දක්වා බි‍්‍රතාන්‍යයේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වශයෙන් ද මහලේකම්වරයාගේ කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර තිබේ. පසුවනැවතත් පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ සේවයට එක්වන ඒ මහතා සමාජ ප‍්‍රතියෝජන වැඩසටහන් අංශයේ අන්තර්වාර අධ්‍යක්ෂ වශයෙන් ද කටයතු කළේය.

    කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ බි‍්‍රතාන්‍යයේ හැරෝ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයෙන් සියමූලික උපාධිය ලබා  සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලැබූ මූල්‍ය කළමනාකරණය පිළිබඳ හසළ විද්වතෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya