මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ති‍්‍රක් ජාතික කී‍්‍රඩා සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ

    ජූලි 04, 2016

    රුපියල් මිලියන 279 ක වියදමින් ඉදිකළ මාතර දිස්ති‍්‍රක් ජාතික කි‍්‍රඩා සංකීර්ණය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (04) පෙරවරුවේ විවෘත කෙරිණි.

    සියලු පහසුකම්වලින් සමන්විතව ජාත්‍යන්තර මට්ටමේ තරග ඉසව් පැවැත්විය හැකි අන්දමින් මෙම කි‍්‍රඩා සංකීර්ණය ඉදිකර තිබේ.


    කි‍්‍රඩා සංකීර්ණයේ නව පිහිණුම් තටාකාංගණය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    එමෙන්ම ගෘහස්ත කි‍්‍රඩාංගණය සහ ධාවන පථය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    කි‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, සාගල රත්නායක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හරිස්, මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ, දකුණු පළාත් කී‍්‍රඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර ශී‍්‍ර ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවේ මාතර දිස්ති‍්‍රක් සුරාබදු අධිකාරි කාර්යාලය ද අද (04) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී. ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya