අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසරය රැක ගැනීමට එක්වීම සියලු නිලධාරීන්ගේ වගකීමක්

    ජූනි 28, 2016

    පරිසරය රැක ගනිමින් මතු පරපුර වෙනුවෙන් එය සුරක්ෂිතව දායාද කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වෙමින් තම වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු කිරීම සියලු නිලධාරින්ගේ වගකීමක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (28) පෙරවරුවේ බත්තරමුල්ල, මධ්‍යම පරිසර අධිකාරි ශ‍්‍රවණාගාරයේ පැවති මධ්‍යම පරිසර අධිකාරියේ ප‍්‍රාදේශීය පරිසර නිලධාරි සංගමයේ 17 වන වාර්ෂික මහා සමුළුව අමතමිනි.

    මෙම යුගය පරිසරය නොසළකා හරින පිරිස් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කළයුතු යුගයක් බව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා පරිසර සංරක්ෂණයට පටහැනිව නීතිවිරෝධීව කටයුතු කරන පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කිරීම නිළධාරින්ගේ වගකීමක් බව ද අවධාරණය කළේය.

    යම් ප‍්‍රදේශයක පරිසර විනාශයන්ට ඉඩ තබනවානම් එය එම ප‍්‍රදේශයේ පොලිසිය, ප‍්‍රාදේශිය ලේකම් ඇතුළු පරිසර නිළධාරින්ගේ වගකීම් පිළිබළු ගැටලුවක් බව ද පැවසූ ජනාධිපතිතුමා පරිසර විනාශයට එරෙහිව රජය ගෙන යන දැඩි වැඩපිළිවෙල සමඟ එක්වෙමින් පරිසරය රැක ගැනීම සඳහා සිය වගකීම නිසි ලෙස ඉටු කිරීමට සියලූ නිළධාරින් කැපවිය යුතු බවද අවධාරණය කළේය.

    පරිසර අමාත්‍යවරයා ලෙස තමා දිවයිනේ පළමු වතාවට පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ති‍්‍රවිධ හමුදාවේ දායකත්වය ලබාගෙන තිබෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය.

    ප‍්‍රාදේශීය පරිසර නිළධාරි සංගමයේ යෝජනා සහ ඉල්ලීම් ඇතුළත් සංදේශයක් ද ප‍්‍රාදේශීය පරිසර නිලධාරී සංගමයේ සභාපති අමරජයන්ත මහතා විසින් ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය.

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චි යන මහත්වරුන් සහ ප‍්‍රාදේශීය පරිසර නිලධාරි සංගමයේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya