අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඉෆ්තාර් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 29, 2016

    ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

    ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර රටේ සාමය, සමගිය මෙන්ම ජාතික සංහිදියාව වෙනුවෙන් ආශිර්වාද පළ කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ සියලු ජාතින් සාමයෙන් සහ විශ්වාසයෙන් ජීවත්වන රටක් ගොඩනැගීමට සියලුදෙනා කැපවිය යුතු බවයි.

    රටේ සියලු ජාතීන් අතර සාමය සහ සංහිඳියාව ගොඩ නංවමින් සාමුහිකත්වයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන ශී‍්‍ර ලාංකික ජාතියක් ගොඩනැංවීමේ වැඩපිළිවෙළේදී මෙවැනි ආගමික උත්සව සියලු දෙනා එක්ව සැමරීමේ වැදගත්කමද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, තානාපතිවරුන් ඇතුළු විශේෂ ආරාධිත පිරිසක් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya