අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සර්වඥ ධාතූන් වහන්සේ නැවත පකිස්ථානයට වැඩම කරයි

    ජූනි 28, 2016

    තක්‍ෂිලා ධාතූන්  වහන්සේලා වැඳ පුදාගන්නට අපගේ පින්වතුන්ට මාසයක කාලයක් තිස්සේ අවස්ථාව ලැබුණු බවත් දැන් එම අවස්ථාව අවසන් වී එම ධාතූන්  වහන්සේලා නැවත පකිස්තානයට වැඩම කරවීම සිදු වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    පකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට වැඩම කළ සර්වඥ ධාතූන් වහන්සේලා, ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය අවසන් කොට නැවත එරටට භාරදීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී පැවති පුණ්‍යෝත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

     

    බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව එතැනට පැමිණි කුමාරවරුන් හා රජදරුවන් එම ධාතූන්  වහන්සේලා තමන්ගේ ප්‍රදේශවලට ගෙන ගොස් ස්තූප හදා ඒවායේ තැන්පත් කළ බවත්  අශෝක අධිරාජයා මෙම ස්තූප හඳුනාගනිමින්, ඒ වකවානුව වන විට ධාතූන්  වහන්සේලාට විශාල ඉල්ලුමක් තිබූ බැවින් ධාතූන්  වහන්සේලා ස්තූපවලින් ඉවතට ගෙන එක කොටසක් ඒවායේ තැන්පත් කොට ඉතිරි ධාතූන්  වහන්සේලා කුඩා කොටස්වලට සකස් කොට, ඉන්දියාව වටා නැවත ස්තූපවල තැන්පත් කරවීමට කටයුතු කළ බවත් අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    මෙයින් දන්ත ධාතූන්  වහන්සේ ලංකාවට වැඩම කළා. අනුරාධපුරයත්, පොලොන්නරුවත් රජරට ශිෂ්ඨාචාරය කඩාවැටීමෙන් පසුව වයඹ, දඹදෙනිය, යාපහුව, කෝට්ටේ හා සීතාවකින් පසුව අද මහනුවරදී අපට දන්ත ධාතූන්  වහන්සේ වැඳ පුදා ගන්න අවකාශ ලැබී තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

     

    මෙම ධාතූන්  වහන්සේලා අපට ලබාදීම සම්බන්ධයෙන් පළමුවෙන්ම පකිස්තානයේ අගමැති නවාස් ෂෙරීෆ්  මහතා ස්තූතිය පිරිනැමූ අගමැතියා ඒ මහතා  ලංකාවට පැමිණි අවස්ථාවේදී අප කළ ඉල්ලීමට අනුව මෙම ධාතූන්  වහන්සේලා වන්දනා මාන කිරීමට අවස්ථාව ලබා දුන් බව ද සඳහන් කළේය.

    පසුව ඉන්දියාවේ බ්‍රිතාන්‍ය අධිරාජය යටතේ විශේෂයෙන්ම එරට පුරාවිද්‍යා සේවාව ආරම්භ වූ බවත් අපේ වස්කඩුවේ පන්සලේ සුභූති ස්වාමීන් වහන්සේත්, කලිගම් අධ්‍යක්ෂවරයා අතර එකල ලිපි හුවමාරුවක් සිදු වූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    නිදහසින් පසු එදා සිට මේ දක්වා පකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර දැඩි මිත්‍ර සබදතාවක් තිබුණු අතර එම සබඳතාවය කිසිවිටක බිඳී නැති බවත් මෙම ධාතූන්  වහන්සේලා වැඩම වීමෙන් ලත් පුණ්‍ය කර්මයෙන් දෙරටවල් අතර ඇති සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya