මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරිමාවෝ දියණියන්ගෙන් ජනපතිට සංදේශයක්

    ජූනි 27, 2016

    මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය දියණියන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සංදේශයක් භාරදීම අද (27) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේදී සිදුවිය.

    විද්‍යාලයීය අමද්‍යප සංගමයේ සභාපති ටානියා කාවින්දි දියණිය විසින් ජනාධිපතිතුමා වෙත මෙම සංදේශය භාරදෙනු ලැබිණි.

    ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ”මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනට සහය දීමේ අරමුණින් පාගමනක් ද සංවිධානය කර තිබූ සිරිමාවෝ විද්‍යාලයීය දියණියන් කොළඹ අනෙකුත් පාසල් වල සිසුදරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිතුමා ඉදිරියේ සඳහන් කලහ.

    සිසුවියන් හා ගුරු මඩුල්ල සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියහ.

    මෙම අවස්ථාවට ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා සහ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය විදුහල්පතිනි මානෙල් හේරත් මත්මිය ඇතුඑ ගුරු මණ්ඩලය ඇතුඑ සිසුවියන් විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya