මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට සියලු දෙනා එක් වී කටයුතු කළ යුතුයි

    ජූනි 27, 2016

    හොඳ රැකියාවක නියැලී හොඳ ආදායමක් ලබාගෙන, යතුරු පැදියක්, වාහනයක් මිලදී ගෙන තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීම වර්තමානයේ තරණයන්ට අවශ්‍ය වී තිබෙන බවත් එවැනි අනාගතයක් සඳහා රට ඉදිරියට ගෙන යන්නේ එක්සත් ජාතික පක්ෂය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, ජනතාවට ඉඩම්, වැව්, කොළඹ වරාය, රත්මලාන ගුවන් තොටුපොළ, විදුලි බලය ලබා දෙමින් රට ඉදිරියට යන වැඩ පිළිවෙළ ඩී.එස්. සේනානායක මහතාගේ යුගයේදී ආරම්භ කළ බවත් ඉන් අනතුරුව සමාජ වාදී යුගයකට ගොස් එය අසාර්ථක වූ විට ජේ.ආර්. ජයවර්ධන මහතා, රණසිංහ ප්‍රේමදාස මහතා, ඩී.බී. විජයතුංග මහතා යන සියලු දෙනා එක්ව නැවතත් රට ඉදියට යන ගමන ආරම්භ කළ බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

     

    කුලියාපිටිය නගර ශාලාවේ පැවති එක්සත් ජාතික පක්‍ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේදී පසුගියදා ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    මහවැලි ව්‍යාපෘති, වෙළෙඳ කලාප, නිවාස ලක්‍ෂ 10, ජනසවිය ඇතුළු රටට විශාල සංවර්ධන වැඩ කොටසක් දියත් කළ අතර ජේ.ආර්. ජයවර්ධන මහතා ආරම්භ කළ විවෘත ආර්ථිකයෙන් රට ඉදිරියට ගිය බව ද අගමැතිවරයා සඳහන් කළේය.

     

    රට ඉදිරියට ගෙන යා යුතුයි කියා සිතූ සෑම ප්‍රගතිශීලි බලවේග එක්වී පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කර ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළ බවත්  රට දියුණු කර රැකියා ලක්‍ෂ 10 ක් බිහි කිරීම රජයේ  අරමුණ බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

    කඩාවැටී තිබෙන ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවිය යුතු අතර ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට පියවර ගෙන තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා  සියලු දේ කිරීමට පෙර ජාතික සමගිය ඇති කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා අලුත් ව්‍යවස්ථාවක් ඇති කිරීමට සියලු දෙනා එකට එක්වී ක්‍රියාකරමින් සිටින බව ද පෙන්වා දුන්නේය.

    අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

    නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය නැවත ආරම්භ කරනවා. මොණරාගල ප්‍රදේශයට, හම්බන්තොට ප්‍රදේශයට විශාල කර්මාන්ත ශාලා ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා. රට වටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරනවා. මහනුවර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව ප්‍රදේශ ඇතුළු සෑම ප්‍රදේශයක්ම දියුණු කිරීමේ සැලසුම් සකස් කරමින් සිටිනවා. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ගම් මට්ටමේ පමණක් නොව නගරයේත් නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. නගරවල තට්ටු නිවාස ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.

     


    රාජපක්‍ෂ රෙජිමය තමන්ගේ පවුලේ උදවිය සඳහා මාලිගා හැඳුවා. අපේ අරමුණ සෑම කෙනෙකුටම මාලිගා තැනීමයි.  අප තට්ටු නිවාස හදන්නේ මධ්‍යම පන්තියක් ඇති කිරීමටයි. රට ඉදිරියට ගෙන යන්නේ වැඩ සටහන් අනුවයි. වයඹ ප්‍රදේශය දියුණු කිරීමේ වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් ද මා පැවසීමට කැමැතියි. වෝක්ස්වැගන් කර්මාන්ත ශාලාව කුලියාපිටියේ ඇති කරන බව එදා මා ප්‍රකාශ කළා. සැප්තැම්බර් මාසය වන විට වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ආරම්භ කරන බව ප්‍රකාශ කිරීමට කැමැතියි. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව කඩා ඇති බව සමහරුන් පැවැසුවා. නමුත් අද කඩා වැටී තිබෙන්නේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව නොව ඒ බව පැවසූ අයගේ දේශපාලනයයි. තවත් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශවලට ගේන්න තිබෙනවා. පොල් කර්මාන්තය, සංස්කෘතික හා සංචාරක ව්‍යාපාරය ද මෙම ප්‍රදේශයේ ඉදිරියට ගෙන යන වැඩ පිළිවෙළක් දියත් කරනවා.


    මධ්‍යම අධිවේගී මාර්ගය කුරුණෑගල හරහා ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ලංකාවේ විශාලතම අධිවේගී මාර්ගය බවට මෙය පරිවර්තනය වනවා. මේ හේතුවෙන් ප්‍රදේශ රාශියක් දියුණුවීමට ඉඩ තිබෙනවා. හලාවත ඉරනවිල ඇමරිකන් ගුවන් විදුලි සේවය නැවත ලබා දෙන්නේ විශාල සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටයි. අපට අවශ්‍ය වන්නේ මුදල් තිබෙන සංචාරකයන් ගෙන්වා ගැනීමයි. කටුනායක හරහා කෘෂි කර්මාන්ත නිෂ්පාදනය හා ධීවර නිෂ්පාදනය අපනයනය කිරීම සඳහා ද වැඩ පිළිවෙළ දියත් කළ යුතුයි. කෘෂි කර්මාන්තය නඟා සිටුවා, රැකියා පුහුණුව ලබා දෙමින් මුළු රටේම සංවර්ධන වැඩ පිළිවෙළ ආරම්භ කිරීමට සැලසුම් යොදා තිබෙනවා“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya