අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු රණවිරුවෙකුට අසරණවීමට ඉඩ තබන්නේ නැහැ- ජනපති

    ජූනි 28, 2016

    විශ‍්‍රාමික හෝ සේවයේ නිරතව සිටින කිසිදු රණවිරුවෙකුට අසරණවීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    ආරක්ෂක හමුදාවල ගුණාත්මකභාවය මෙන්ම ශක්තිය වර්ධනය කිරීමට වත්මන් රජය සෑම අවස්ථාවකම කැපවන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ විරුසර වරප‍්‍රසාද රණවිරු කාඞ්පත ප‍්‍රදානය කිරීමේ දෙවන අදියර වැඩසටහනට ඊයේ  (27) හිගුරක්ගොඩ රජරට විද්‍යාලයේදී එක් වෙමිනි.

    1983 වසරේ සිට 2009 වසර දක්වා කාලයේ වසර 22 ක සේවා කාලයක් සපුරා සේවයේ යෙදී සිටින හෝ විශ‍්‍රාමික ති‍්‍රවිධ හමුදා හා පොලිස් නිලධාරින් වෙනුවෙන් මෙම කාඩ්පත පිරිනැමේ. දෙවන අදියර වැඩසටහන යටතේ රණවිරුවන් ලක්ෂ 03 කට පමණ විරුසර කාඩිපත් හිමිවනු ඇත.

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මෙම කාඩ්පත හඳුන්වාදීම තුළින් රජය අපේක්ෂා කරන්නේ රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම බවයි.

    එමෙන්ම රට වෙනුවෙන් ජීවිත පූජා කළ මෙන්ම ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් පැවරි ඇති වගකීම් ඉටු කිරීම කිසිසේත් රජය පැහැර නොහරින බව ද අවධාරණය කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ පොදු ප‍්‍රශ්ණ මෙන්ම පෞද්ගලික දුක් ගැනවිලි කෙරෙහි ද අවධානය යොමු කරමින් ඒවා විසඳීමට කටයුතු කරන බව පැවසීය.

    රජය ආරක්ෂක හමුදා දුර්වල කරමින් ආරක්ෂක කඳවුරු ඉවත් කරන බවට කරන චෝදනා ද සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    පසුගියදා සිදුවූ කොස්ගම සාලාව පිපිරීම ආරක්ෂක හමුදාවේ චිත්ත ධෛර්ය දුර්වලවීම නිසා සිදුවූවක් බවට එක් නායකයෙක් කළ ප‍්‍රකාශය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ එවැනි සිදුවීමක් සිදුවූ ප‍්‍රථම අවස්ථාව මෙය නොවන බවත්, මීට පෙරද එවන් ආකාරයේ මෙන්ම ඊටත් වඩා ප‍්‍රබල පිපිරීම් සිදුව ඇති බවත් යමෙක් එවන් විග‍්‍රහ සිදු කරනවානම් එය ඔහුගේ චින්තනය පිළිබ`ද සොයා බැලිය යුතු කරුණක් බවත්ය.

    විරුසර වරප‍්‍රසාද දෙවන අදියර කාඞ්පත් ප‍්‍රදානය කිරීම මෙහිදී සංකේතාත්මකව ජනාධිපතිතුමා අතින් සිදු විය.

    විරුසර වරප‍්‍රසාද වැඩසටහන සඳහා පෞද්ගලික ආයතන විසින් ලබාදෙන අනුගාහකත්වයන් ජනාධිපතිතුමා වෙත පිරිනැමිණි.

    උතුරුමැද පළාතේ රණවිරුවන් සඳහා නිවාස ණය ලබාදීමේ වැඩසටහන සංකේතවත් කරමින් නිවාස ණය ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාලක කොලොන්නේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි, ති‍්‍රවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන් ද, සිිවිල් ආරක්ෂක සේවා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆෝන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya