මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති කොස්ගම සාලාව ප්‍රදේශය නිරීක්ෂණ කරයි

    ජූනි 06, 2016

    කොස්ගම යුද හමුදා කඳවුරේ ඊයේ (05) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (06) හංවැල්ල, පහත්ගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී  පැවැත්විණි.

    එම ප‍්‍රදේශයේ තත්ත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර අදාළ කටයුතු සිදු කිරීම සඳහා අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

     

    අනතුරුව කොස්ගම සාලාව ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට ද  අග්‍රාමාත්‍යවරයා එක් විය.

     

    මෙම අවස්ථාව සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා, විද්‍යා තාක්ෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක හා කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සහභාගී වූහ.

     

    pm kosgama.jpg 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya