මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පෝෂණ මාසය ප්‍රකාශයට පත් කෙරේ

    ජූනි 07, 2016

    ශී‍්‍ර ලංකාවාසී ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ පරමාර්ථය පෙරදැරිව පවත්වනු ලබන ජාතික පෝෂණ මාසය ප‍්‍රකාශයට පත්කිරීමේ ජාතික උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (06) ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විනි.

    තරගකාරී සමාජය තුළ පෝෂදායී ආහාර රටාවෙන් ජනතාව ඈත්වෙමින් පවතී. ජනතාව ක්ෂණික ආහාරපානවලට නතුවීම සීග‍්‍රයෙන් සිදුවෙයි. විශේෂයෙන්ම පාසල් දරුවන් ක්ෂණික ආහාර සඳහා යොමුවීමේ ප‍්‍රවනතාවයක් දක්නට ලැබේ.

     

    සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි පසුගිය දශක දෙක සැලකීමේදී ජනතාවගේ අධිබර හා තරබාරුකම සීග‍්‍රයෙන් ඉහළ යන බවක් දක්වයි. එබැවින් බෝ නොවන රෝග සඳහා ගොදුරුවීමේ අවදානම ඉහළ ගොස් තිබේ.

     

    ඒ නිසාම නිවැරදි පෝෂණයක් ලබාගැනීම උදෙසා විවිධත්වයෙන් යුතුව ආහාර තෝරාගැනීමත්, ගුණාත්මක අගය සුරැකෙන ලෙස ආහාර පිසීමත් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පෝෂණ මාසය තුළින් කටයුතු කෙරේ.

     

    මෙවර ජාතික පෝෂණ මාසයේ ප‍්‍රධාන අරමුණ වන්නේ, ආහාර පිඟානක තිබිය යුතු නිවැරදි ආහාර ප‍්‍රමාණයන් හා ආහාර විවිධත්වය පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීමයි.

     

    ජාතික පෝෂණ මාසයේ දී වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර තිබෙන අතර රූපවාහිනි ගුවන්විදුලි වැඩසටහන් සංවිධානය කිරීම, රාජ්‍ය පෞද්ගලික අංශ සම්බන්ධකර ගනිමින් පෝෂණ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම, පා ගමනක් සංවිධානය කිරීම, පාසල් ළමුන් අතර පෝස්ටර් තරගයක් පැවැත්වීම මෙන්ම පළාත් හා කොට්ඨාශ ආවරණය කරමින් පෝෂණ වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කිරීම ඒ අතර වේ.

     

    ජාතික පෝෂණ මාසය වෙනුවෙන් ප‍්‍රකාශයට පත්කරන ලද සමරු කලාපය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya