මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ ඉඩම් හා නිවාස ඉදිකරදීමේ ක්‍රමවේදයට ජනපති අනුමැතිය

    ජූනි 05, 2016

    කෑගල්ල දිස්ති‍්‍රක්කයේ පසුගියදා සිදුවූ නායයාමෙන් අවතැන්වූවන්ට ඉඩම් ලබාදීම සහ නිවාස ඉදිකරදීම වෙනුවෙන් වූ ක‍්‍රමවේදයට ජනපතිගෙන් අවසන් අනුමැතිය හිමි වෙයි.

    ආපදාවට ලක්වූ කෑගල්ල දිස්ති‍්‍රක්කයේ ජනතාව නැවත පදිංචි කිරීම පිළිබ`ද විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

     

    එම ජනතාව නැවත පදිංචි කරවීම සඳහා සුදුසු ඉඩම් සහ අවශ්‍ය ප‍්‍රමාණයන් මේ වන විට හඳුනාගෙන තිබෙන අතර රජයට සහ පෞද්ගලික වැවිලි සමාගම්වලට අයත් ඉඩම් මෙලෙස හඳුනාගෙන තිබේ.

     

    එම ඉඩම් නිදහස් කර ගැනීම පිළිබඳ වැවිලි සමාගම්වල එක`ගතාවය ලබා ගැනීම ද මෙම සාකච්ඡුාවේදී සිදු කෙරිණි.

     

    ඒ අනුව අවශ්‍ය ඉඩම් කඩිනමින් පවරා ගැනීම සහ නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළ කඩිනමින් කි‍්‍රයාවට නැංවීමට ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

     

    වැවිලි කර්මාන්තයට හානියක් සිදු නොවන අයුරින් සහ පදිංචියට සුදුසු සහ යටිතල පහසුකම් සපයාදිය හැකි අන්දමින් ඉඩම් පවරා ගැනීම සිදු කරන ලෙසද උපදෙස් දුන් ජනාධිපතිතුමා දේශපාලන ඇගිලි ගැසීම් සහ අවිධිමත් කටයුතුවලින් තොරව ආපදාවට ලක්වූ ජනතාව අතර පමණක් විධිමත්ව එම ඉඩම් බෙදාදීම සිදුකරන ලෙස ද උපදෙස් දුන්නේය.

     

    එම කටයුතු කඩිනම් කිරීම සඳහා කෑගල්ල දිස්ති‍්‍රක් ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද උපදෙස් දුන්නේය.

     

    නිවාස ඉදිකිරීමේ ක‍්‍රමවේදයේදී ඉහළ ප‍්‍රමිතියකින් සහ ගුණාත්මක භාවයකින් නිසි සැළසුම් ඔස්සේ එම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමේදි අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya